ජාතික ජන බලවේගයේ නායකයන් ඉන්දියානු මහ කොමසාරිස් අතර සුහද හමුවක්

59

ජාතික ජන බලවේගයේ නායකයන් (23 දා) ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ නව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවිය.

නව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මුල්වරට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

මෙහිදී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳවත් ආර්ථික අර්බුදය පිළිබඳවත් ජාතික ජන බලවේගයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳවත් අදහස් හුවමාරු කරගෙන තිබේ.

මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment