මහ රැ වැඩිමිලට ගෑස් විකුණද්දී හැටන් ප‍්‍රදේශවාසීහු විරෝධය පාති

209

හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් අලෙවි කරන ප‍්‍රධාන අලෙවි නියෝජිතවරයකු විසින් වැඩි මිලට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අලෙවි කිරීමේ ජාවාරමක් පෙරේදා (26 දා) රාත‍්‍රියේ අනාවරණය වී ඇත.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රු. 2765 මිලකට අලෙවි කළ යුතු අතර හැටන් ප‍්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයන් විසින් ගෑස් තොග තම අලෙවිසැලේ නොමැති බව පවසමින් ගෑස් අලෙවිසැල් වසා දමා සමාගම විසින් ලබාදෙන ගෑස් තොග වෙනත් ස්ථානවල ගබඩා කර තම වෙළෙඳසැලේ වෙළෙඳ සහායකයාගේ සහයෝගය ඇතිව ඇණවුම් ලබාගෙන එම ගෑස් තොග පාරිභෝගිකයාගේ නිවසට හෝ වෙළෙඳසැලට ගොස් රු 3500/= මිලකට අලෙවි කිරීමට කටයුතු කර ඇත.

හැටන් නගරයේ ආපන ශාලාවකට පෙරේදා රාත‍්‍රියේ හැටන් ගෑස් අලෙවි නියෝජිතයාගේ වෙළෙඳ සහායකයා ත‍්‍රිරෝද රථයකින් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 03 ක් රැුගෙන විත් අධික මිලකට අලෙවි කරන ආකාරය දක්නට ලැබුණි.

ලිට්‍රෝ සමාගම විසින් අලෙවි නියෝජිතයාගේ අලෙවිසැලට පමණක් ගෑස් තොග ලබාදිය යුතුව ඇතත්, ගෑස් තොග ප‍්‍රවාහනය කරන ලොරි රථ රියදුරන්ගේද සහයෝගය ඇතිව අලෙවිසැලින් පිට හැටන් – කොළඹ ප‍්‍රධාන මාර්ගයේදී වෙනත් ලොරි රථවලට ගෑස් තොග මාරුකර එම තොග අලෙවි නියෝජිතයාට අයත් වෙනත් ස්ථානයක සඟවා මෙම ජාවාරම සිදු කරන බව හැටන් ප‍්‍රදේශයේ ගෑස් පාරිභෝගිකයන් කියා සිටී.

පෙරේදා රාත‍්‍රියේ මෙසේ ගෑස් වැඩි මිලට අලෙවි කරන අවස්ථාවේ ගෑස් අලෙවි නියෝජිතයාගේ සහායකයා සහ ප‍්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

හැටන් නගරයේ ආපන ශාලාවකට අධික මිලකට ගෑස් රැගෙන විත් තිබූ අයුරු.

නුවරඑළිය – නාලක රත්නායක
 

advertistmentadvertistment
advertistmentadvertistment