සුරාබදු ආදායම බිලියන 40ක් අහිමිවෙලා

81

මත්පැන් මිල ඉහළ යෑම නිසා අලෙවිය අඩුවී 2023 වර්ෂයේදී රුපියල් බිලියන 40ක සුරාබදු ආදායමක් රජයට අහිමි වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකදී හෙළිවී ඇත.

මෙම අහිමි වූ මුදල නීති විරෝධී මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය සඳහා වැයවන්නට ඇතැයි සැකකරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ‘දිවයින’ට ඊයේ (23දා) පැවැසීය.

2022 වර්ෂයේදී සංශුද්ධ මධ්‍ය සාරය (සියයට සියයක් සැර) ලීටර් මිලියන 26.5 ක් නිපදවා ඇති අතර 2023 වර්ෂයේදී නිපදවා ඇත්තේ ලීටර් මිලියන 20ක් බව ද ඒ මහතා කීය.

මත්පැන් මිල ඉහළ යෑම නිසා මත්පැන් නිෂ්පාදනය අඩුවී ඇති බවත්, මත්පැන් මිල අඩු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා සිටින බවත් මත්පැන් අලෙවි සල් හිමිකරුවන් රජයෙන් ඉල්ලීමක් ද කර තිබුණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment