නුවර රගර් සර් සිසුන්ට කුඩු විකුණලා

109

පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය සහ මත්පෙති අලෙවි කළ බව කියන මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක බාහිර රගර් පුහුණුකරුවකු මත්පෙති සහ හෙරොයින් සමඟ අලවතුගොඩ පොලිසිය මගින් පෙරේදා (23 දා) අත්අඩංගුවට ගෙන ඇත.

විසි දෙහැවිරිදි වියේ පසුවන මෙම සැකකරු සතුව තිබී මත්පෙති 4100ක් සහ හෙරොයින් ග්‍රෑම් 2 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු මහනුවර අඹතැන්න ප්‍රදේශයේදී අලවතුගොඩ පොලිසියේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කිරීමේදී ඔහු සතුව තිබී මෙම මත්පෙති සහ හෙරොයින් සොයා ගැනීමට හැකි වී තිබේ.

කලක් යුද හමුදා සේවා බළකායට අනුයුක්තව රාජකාරි කර ඇති මෙම සැකකරු පසුව යුද හමුදාවෙන් පලාගොස් ඇත.

මීට මාස 06කට පමණ උඩදී මොහු මෙම පාසලේ බාහිර රගර් පුහුණුකරුවකු ලෙස සේවයට පැමිණ ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

සැකකරු පාසල් දරුවන්ට සහ මහනුවර ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ට මහා පරිමාණයෙන් මත්පෙති සහ මත්ද්‍රව්‍ය අලෙවි කර ඇති බවට ලැබුණු තොරතුරු මත ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත අලවතුගොඩ පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment