විම්බල්ඩන් ටෙනිස් ශූරතාව ජොකොවික්ට

328

 විම්බල්ඩන් ටෙනිස් ශූරතාව හය වැනි වරටත් දිනා ගැනීමට සර්බියානු ජාතික නොවැකි ජොකොවික් ඊයේ (12 වැනිදා) සමත්විය. අවසන් මහා තරගයේදී ඉතාලියේ මැටියෝ බෙරටිනි තරග වට 3-1ක් ලෙස පරාජයට පත්කරමින් අදාළ ශූරතාවට හිමිකම් කීමට ජොකොවික් සමත්විය.
 
 අදාළ ජයග‍්‍රහණයත් සමගින් සිය 20 වැනි ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවට හිමිකම් කීමට සමත් වූ ජොකොවික් මීට පෙර ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 20ක් ජයග‍්‍රහණය කළ රොජර් ෆෙඩරර් සහ රෆායල් නඩාල් සමගින් සමතැන් ගැනීමට සමත්විය. එ් අනුව ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව වැඩිම වාර ගණනක් දිනා අති කී‍්‍රඩක ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට පත් වන්නට ඔවුන් තිදෙනා සමත්වී ඇති අතර ජොකොවික්, නඩාල් සහ ෆෙඩර්රට ඉහළින් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාව 24 වැනි වතාවක් දිනා ගනිමින් එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ මාග‍්‍රට් කෝට් පසුවන අතර ශූරතා 23ක් සමගින් සෙරීනා විලියම්ස් එහි දෙවැනි ස්ථානයේ සහ ශූරතා 22ක් සමගින් ස්ටෙෆි ග‍්‍රාෆ් එහි තෙවැනි ස්ථානයේ පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment