පණ්ඩිත ජීවිතයක රසික සිද්‍ධි

633

1927 පෙබරවාරි මසැ 2 වැනි දිනැ කොළඹ ආනන්ද විද්‍යාලයැයේ දී පැවැත්වුණු පණ්ඩිත සභාවෙහි දී කුමාරතුංගයන් කළ වියත් දෙසුම් හැම ගේ මහ පැසැසීම් ඇදැ ගත්තේයි. මෙහි දී දෙසුමක් කළ ගුණවර්ධන වාසල මුදලිතුමෝ මුනිදාසයන් තමන් ගෝල කෙනකුන් බව අඟවනු රිසි වූවාහු.

“අපේ ද ගෝලයෙකු වූ කුමාරණතුංග මහතා විමර්ශන ශක්තියක් ඇති සිංහල උගතෙකැයි කී හ. සිය පිළිතුරු දෙසුම කෙළවැරැ දී මෙය සඳහන් කළ කුමාරතුංගයෝ, ‘ගුණවර්ධන මුදලිතුමන් ගේ ගෝලයකු වන්නට ලැබුණා නම්, අහෝ, එතරම් වාසනාවක්! එහෙත් අභාග්‍යයකට මෙන් එබඳු ගෞරවයක් ලබන්නට බැරිවුණා’ යැයි මුළු මුළුව සිනායෙහි ගිල්වමින් කී හ.

පණ්ඩිත ජීවිතයක රසික සිද්‍ධි

සිංහල භාෂා සිහිත්‍යයට අමරණීය සේවයක් කොට 1944 මාර්තු 2 වැනිදා දැයෙන් සමුගත් කුමරතුංග මුනිදාස මහතාට ගෞරවය පුද කරමින් අප මේ සමග පළ කරන ලිපිය 1955 පෙබරවාරි මාසයේ දිවංගත අබිරම්ගම් හේවා වියතාණන් විසින් ලියන ලද්දකි.

කුමාරතුංග මුනිදාසයන් ගේ පෞද්ගලික ජීවිතයේ අතැම් සිද්ධීන් අතිශයින් රසවත් බව ඔවුන් ඇසුරු කළ අය අතරේ ඉතා පළ වූ කරුණෙකි. ඔවුන් ගේ ශිෂ්‍යයන් ද මිත්‍රයන් ද මේ රසික සිද්ධීන් අද පවා සිහි කොටැ ඉන් නවමු රස විඳින්නේ ඒ තන්හි දී කුමාරතුංගයන් කළ කී දැය සාහිත්‍ය රසයෙන් ද අගයෙන් ද නො අඩු හෙයිනැයි සිතමි.

කුමාරතුංගයන්ගේ කුමර ගී පොත පළ වූයේ මින් අවුරුදු තිහකට පමණ පෙරැ යැ. එ කලැ ඒ හෙළ කවි ලොවට අලුත් මං දක්වන්නෙක් වියැ. පොත පළ වූ හා මැ එහි වූ ඇතැම් පiයන් කියැවූ එය දතු වෝ ඒ සිහියේ රඳවා ගෙනැ තැන බලා කියවන්නට ද එහි රස විඳින්නට ද වූහ.

පණ්ඩිත ජීවිතයක රසික සිද්‍ධි

දිනෙකැ කුමැරතුංගයෝ සිය යහළු කෙනකුන් ද සමග ගඟේ නාන්ට ගිය හ. යහළුවාණෝ නාන්නට සැරැසී ගං ඉවුරේ ගල් පොත්තක් මතැ හිඳ – ගත් හ. එ විටැ මැ සමනලයෙක් ඉඟිලී අවුත් ඒ අසලැ වූ මලෙකැ වසා-පී යැ. යහළුවාණන් ගේ මුව’ඟට මෙ විටැ නැඟී ආයේ කුමාර ගීයේ ගීයෙකි.

“මහ පුදුමෙකි.
මලෙකැ මලෙකි.
නැහැ එහි සකි,
සමනලයෙකි”

මෙසේ කී ඔහු ඉඟිමරා මුනිදාසයනට බැල්මක් හෙළා ලූහ.

කුමාරතුංගයෝ ගත් කටට මැ අලුත් පiයක් කී හ.

‘මහ පුදුමෙකි,
ගලෙකැ ගලෙකි.
නැහැ එහි සකි,
ගල් ඉබ්බෙකි’

එහි ගලක් මතැ ඉබ්බකු සිටියා හෝ නො සිටියා හෝ වියැ හැකියි. එහෙත් ඒ ඇසීමෙන් යහළුවාණන් කොක් හඬ ලා සිනාසෙන්නට වූයේ තමන් ද එ විටැ උන් සැටිය සලකා කුමාරතුංගයන් ඒ කී බව තේරුම් ගත් හෙයිනි.

1927 පෙබරවාරි මසැ 2 වැනි දිනැ කොළඹ ආනන්ද විද්‍යාලයැයේ දී පැවැත්වුණු පණ්ඩිත සභාවෙහි දී කුමාරතුංගයන් කළ වියත් දෙසුම් හැම ගේ මහ පැසැසීම් ඇදැ ගත්තේයි. මෙහි දී දෙසුමක් කළ ගුණවර්ධන වාසල මුදලිතුමෝ මුනිදාසයන් තමන් ගෝල කෙනකුන් බව අඟවනු රිසි වූවාහු.

“අපේ ද ගෝලයෙකු වූ කුමාරණතුංග මහතා විමර්ශන ශක්තියක් ඇති සිංහල උගතෙකැයි කී හ.

සිය පිළිතුරු දෙසුම කෙළවැරැ දී මෙය සඳහන් කළ කුමාරතුංගයෝ, ‘ගුණවර්ධන මුදලිතුමන් ගේ ගෝලයකු වන්නට ලැබුණා නම්, අහෝ, එතරම් වාසනාවක්! එහෙත් අභාග්‍යයකට මෙන් එබඳු ගෞරවයක් ලබන්නට බැරිවුණා’ යැයි මුළු මුළුව සිනායෙහි ගිල්වමින් කී හ.

නිට්ටඹුවේ ඇබැසි විදුහල්පති වැ උන් දවස්හි කුමාරතුංගයන් ගේ ජීවිතය හා සම්බන්ධ වූ රසවත් සිද්ධීහු බොහෝ වෙති. තමන් උගන්වන පාඩම් සඳහා සුදුසු තරම් සැරැසීමක් ඇති වැ ශිෂ්‍යයන් ආ යුතු යැයි කුමාරතුංගයෝ හැම විටැ මැ අපේක්ෂා කළ හ. මෙ සේ නො සැරැසුණාහු බොහෝ විටැ කුමාරතුංගයන් ගේ පාඩම් විටැ දී එයට නො පැමිණැ මඟ හැරැ ඉන්නට ද උපා යොදා ගත් හ.

දිනෙකැ අහම්බෙන් වැඩක් වැරැදී ගියේ ය.

පාඩමට නො සැරැසුණු එක් ශිෂ්‍යයෙක් කුමාරතුංගයන් ගේ පාඩම් වේලාවට පන්තියට නො ගොස් මඟ හැරැ සිටැ ඔවුන් පන්තියෙන් ඉවත් වැ යන පුරුදු වේලාව සලකා ඉන් පසු වැ පන්ති සාලාවට හදිසියේ මෙන් ආයේ යැ. එහෙත් එදා කුමාරතුංග යෝ එතෙක් පාඩම නිමවා නො තිබුණු හෙයින් මෙසේ පන්තියට ඇතුළු වුණු ශිෂ්‍යයා අසුකැරැ ගත් හ.

‘ඇයි නියම වේලාවට පන්තියට නො ආවේ’ යනු ඔවුන් ගේ විමැසීම වියැ.

ශිෂ්‍යයා තැනට සුදුසු පිළිතුරක් සොයා ගති.

“මේ මේ කක්කුස්සියට ගියා.” කුමාරතුංගයෝ වපර ඇස තව ද හකුළුවා බලා කී හ. මෙසේ:

“සී සී’ “කක්කුස්සිය” යන්නට වඩා සුදුසු වචනයක් දන්නේ නැද්ද? කියනවා, වැසිකිළියට ගියා – අවශ්‍ය කෘත්‍යය සඳහා ගියා – යනු වැන්නක්.”

මුනිදාසයෝ මෙසේ කියා ඉක්බිති පන්ති සාලාවේ ඇති අනෙක් පන්තියෙකැ ඉගැන්වීමට නැඟී ගිය හ.

කුමාරතුංගයන් එහි උගන්වද්දී මේ පන්තියේ ශිෂ්‍යයෝ හදිසියේ මෙන් නැඟු පුටු මේස ඒ මේ අතැ අදින්නටත් කෑ ගසන්නටත් කලබල කරන්නටත් පටන් ගත්හ. පාඩම නිමවා පෙරළා මේ පන්තිය ඉදිරියෙහි මිදුල ඔස්සේ ගිය කුමාරතුංගයෝ එසේ කලබලයෙන් හැසිරෙන ශිෂ්‍යයන් හමුයෙහි නැවැතුණ හ.

“ඇයි මේ ශිෂ්‍යයන් දැන් ටික වේලාවෙක සිට මේසේ කලබලයෙන් පවතින්නේ?”

පිළිතුරු සඳහා වහා ඉදිරිපත් වූයේ පළමු වරදකරු වූ ශිෂ්‍යයා යි.

ගැරැඬියකු අවශ්‍ය කෘත්‍යය සඳහා ඇවිත්” යයි හේ ඇඟට නො දැනී මෙන් කියැවහලේ පරාළ අස්සේ රැඳී – ගෙනැ ගැරැඬියකු පිට කළ බඩ – මැඩ නිසා ශිෂ්‍යයන් ගේ මේස කිලිටි වී ඇති පරිදි කුමාරතුංගයන් ගේ ඇසට ද ලක් වියැ.

“ඒත් අවශ්‍ය කෘත්‍යයෙක් ද? ගැරැඬියා අනවශ්‍ය කෘත්‍යයක් සඳහා අවුත් ඇති බව නො පැහැදිලි දැ”යි ඇසූ මුනිදාසයෝ ශිෂ්‍යයන් ගේ සිනා වැසි මැදැ සිය කාර්යාලය දෙසට පිය නැඟූහ.

බළපිටියේ අභ්‍යාස විද්‍යාලය ආරම්භ කළ මුල් දවස් හි – 1929 පමණේ දී – එහි ශිෂ්‍ය නිවාසයන් හි ඇඳන් වලැ යොදා තිබුණු ‘මෙට්ට’ පිදුරු අසුරා මසන ලද්දේ වියැ. කුමාරතුංගයන් සිරිත් පරිදි උදේ ශිෂ්‍ය නිවාසය පරීක්ෂණයට එන විටැ එහි එක් ඇඳෙකැ ඇතිරිල්ලට යටින් පිදුරු රැල් එලෙන බව පෙනිණ. ඒ සිසු නිවෙසේ එවිටැ ද සිටි සිසුන් එහි යොමු කරවා ඔහු මෙසේ කීහ. “මේ මේ දැනුත් මෙහි මේ ඇඳ කමින් උන් බවෙකි. පෙනෙන්නේ අඩි පාරේ ගිය හොත් දැන් මැ අසුකැරැ ගතහැකි යි” ශිෂ්‍යයෝ එකී දැය වටහා ගත් හ.

මුල් ලිපිය සංස්කරණය නොකර මෙහි පලකරන ලදි

පණ්ඩිත ජීවිතයක රසික සිද්‍ධි

ලක්දිව පහන් කළ ලක්මිණි පහන

ලක්මිණි පහන ලද්දිව ආදිම සිංහල පුවත්පතය. ආගම ධර්මය සඳහාම කැපවුණු මේ පුවත්පත කලක් නතර වී තිබී කුමාරතුංග මුනිදාස මහතා විසින් 1934 ජුනි 26 දා නැවත අරඹන ලද්දේ අමුතුම ස්වරූපයකිනි.

කුමාරතුංග මුනිදාස මහතාගෙන් සිංහල භාෂා සාහිත්‍යයට සිදුවුණු සේවයේ උසස් ම අවස්ථාව ලක්මිණි පහන පැවැත්වුණු අවධියය යනු මගේ හැඟීමයි. විවරණ ග්‍රන්ථකරණයෙන් මල් ගැන්වුණු කුමාරතුංග සාහිත්‍ය සේවය ඵල ගත්තේ මේ සමයෙහිය. කුමාරතුංග මහතා පහනට ලිපි ලිවීමට තෝරා ගත්තේ අපූරු භාෂා රීතියකි. වඩා ගැඹුරුත් නොවූ වඩා සරලත් නොවූ මේ භාෂා ශෛලිය උගතුන්ගේ මෙන්ම පොදුජනයාගේ ද සිත් ගත්තේය. බසෙහි රසවත් කම මෙන්ම ඔදවත් කම හා පණවත් කමද, ඕනෑම අදහසක් කිසි පැකිලීමක් නැතිව එක එල්ලේම කිය හැකි ශක්තියද, පහනේ ශෛලියෙන් ප්‍රකට විය.

ජයදේව (1955 සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය)

අබිරම්ගම් හේවා වියතාණන් විසිනි

advertistmentadvertistment
advertistmentadvertistment