‘යුක්තිය’ දෙවැනි අදියර අද සිට වැඩ අරඹයි

153

මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාල සන්නද්ධ කණ්ඩායම් විනාශ කිරීම සඳහා ආරම්භ කළ ‘යුක්තිය මෙහෙයුමේ’ දෙවැනි අදියර අද (27 දා) සිට නැවත ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

ඉකුත් 17 වැනිදා ආරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුමේ පළමු අදියර 24 වැනිදා අවසන් විය. නත්තල් උත්සවය වෙනුවෙන් ආරක්ෂාව ලබාදීම සඳහා 25 සහ 26 දිනවල යුක්තිය මෙහෙයුම නතර කර තිබිණි.

යුක්තිය මෙහෙයුමේ පළමු අදියර යටතේ සැක කටයුතු පුද්ගලයන් 13666 දෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

එමෙන්ම මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4600ක් අතරින් යුක්තිය මෙහෙයුම යටතේ ජාවාරම්කරුවන් 1500ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබේ.

මෙරට මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්පූර්ණයෙන්ම පාලනය කරන තුරු යුක්තිය මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරන බව ද වැඩ බලන පොලිස්පතිවරයා කියා සිටියේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment