තවත් ලක්ෂ 4 කට අස්වැසුම

72

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මේ අනුව අස්වැසුම සහන ලබන පවුල් ගණන තවත් ලක්ෂ 4 කින් ඉහළ යනු ඇත.

පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මේ තීරණය ගත් බව ද, ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ඇමැති සේමසිංහ පවසයි.

පවුල් ලක්ෂ 20 කට සහන සැලසීමේ අරමුණින් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ආරම්භ කෙරුණු අතර මේ වනවිට පවුල් ලක්ෂ 14 ක් ඉන් ප්‍රතිලාභ ලබයි.

ලක්ෂ 11 කට අධිකව ලැබී තිබූ අස්වැසුම අභියාචනා සහ විරෝධතාවලින් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට සලකා බලා අවසන් කර ඇත. මේ මස 31 දිනට පෙර එම කටයුතු අවසන් කිරීමට නියමිතය.

මෙම මස අග හෝ ලබන මස මුල අස්වැසුම නව අයැදුම්පත් කැඳවා තවත් ලක්ෂ හතරක පිරිසකට සහන සලසන බව ද ඇමැතිවරයා කියයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment