BOC කුඹුක්ගැටේ ශාඛාව නව නිවහනකට

22

වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ කුඹුක්ගැටේ ශාඛාව ATM පහසුකම්ද සමඟින් නව ගොඩනැඟිල්ලක ප්‍රතිස්ථාපනය කිරීම පසුගියදා සිදු කෙරිණි.

මේ වෙනුවෙන් සංවිධානය කෙරුණු උත්සවයට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම් හා සංවර්ධන බැංකු කටයුතු) ප්‍රියල් සිල්වා, සහකාර මහා කළමනාකරු (වයඹ පළාත) ඩී. කේ. ආර්. දෙල්ගොඩ, මෙහෙයුම් කළමනාකරු (වයඹ පළාත) ජේ. ඒ. එන්. ජයසූරිය, ප්‍රාදේශීය කළමනාකාරිණී (කුරුණෑගල නැගෙනහිර) ගීතා ජයසිංහ සහ කුඹුක්ගැටේ ශාඛා කළමනාකරු නිමන්ත ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

කුඹුක්ගැටේ ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන ජනතාව සාමාජීය හා ආර්ථික වශයෙන් බලගැන්වීම සඳහා මූල්‍ය පහසුකම් සමගින් ප්‍රධාන බැංකු සේවාවන් රැසක් ලබාදීම ප්‍රතිස්ථාපිත BOC ශාඛාවේ අරමුණයි. එමෙන් ම ඩිජිටල්කරණය වූ බැංකු පහසුකම් ඇතුළු සුවිශේෂී සේවාවන් රාශියක් ලබාගැනීමේ හැකියාව මෙහි දී ලංකා බැංකුව මගින් තම ගනුදෙනුකරුවන්ට උදා කරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment