සිසුන් තුළින් එළියට එන්නේ සමාජයේ ප්‍රචණ්ඩකාරී මානසිකත්වයයි – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

213

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇතැම් සිසුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීමෙන් පිළිබිඹු වන්නේ සමාජය තුළ පවතින ප්‍රචණ්ඩකාරී මානසිකත්වය බව කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ‘දිවයින’ට ඊයේ (11 වැනිදා) පැවසීය.

මාධ්‍යයෙන් මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද නිතරම ප්‍රචාරය වන කලකෝලහාල, ඝාතන, පහරදීම් වැනි සිද්ධීන් ඇතැම් දරුවන් ප්‍රචණ්ඩවීමට බලපා ඇතැයි ද හෙතෙම කීය.

තවදුරටත් වෛද්‍ය රූමි රූබන් මහතා මෙසේද කීය.

පසුගිය අවුරුදු දෙක තුන පැවති කොරෝනා වසංගතය නිසා දරුවන් ගෙදරටම කොටු වුණා. මේ නිසා දරුවන්ට පාසලට ගිහින් ඉගෙන ගන්න සහ ක්‍රීඩා කරන්න අවස්ථාව අහිමි වුණා. ගෙදරට කොටුවුණු දරුවාට මාධ්‍යයෙන් වගේම සමාජ මාධ්‍යයෙන් ද නිතර දකින්න ලැබුණේ ගහමරා ගන්නා දේවල්. මේක සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වුණු ඇතැම් දරුවන්ට දැඩි ලෙස බලපෑවා. විභාගය ඉවර වුණු ගමන් ඒ දරුවන් තමන්ගේ මානසික පීඩනය කලහකාරී ලෙස පිට කළා.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ලලිත් චාමින්ද – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment