සෞඛ්‍ය ලේකම් සහ ඖෂධ නියාමන සභාපති අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණයක් කරන්න

136

සිවිල් සංවිධාන එකමුතුව ජනපතිගෙන් ඉල්ලයි

ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියා සඳහා අනුමැතිය ලබාදුන් සෞඛ්‍ය ලේකම්වරයා සහ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වහාම අත්අඩංගට ගෙන පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන එකමුතුව ඊයේ (08 දා) ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත.

සෞඛ්‍ය සේවයේ පවතින දූෂණ සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08 දා) පැවැති සාකච්ඡාවකින් අනතුරුව සිවිල් සංවිධාන එකමුතුව වෙනුවෙන් අදහස් දැක්වූ චෛi චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර නොලැබෙන්නේ නම් සිවිල් සංවිධාන එකමුතුව අඛණ්ඩව සත්‍යග්‍රහයක නිරත වන බවයි.

ඉතා දුර්වල සෞඛ්‍ය පරිපාලනයක් ගෙනයන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු යෝජනා සම්මතයක් ඉදිරිපත් කරන ලෙස පක්ෂ විපක්ෂ දේශපාලකයන් හරහා කටයුතු කිරීමට ඊයේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපති ලේකම්වරයාගේ අවධානය යොමු කළ බව ද සිවිල් සංවිධාන එකමුතුව සඳහන් කළේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment