මුලතිව් ගම් 4ක කොටුවී සිටි පවුල් 178ක් මුදා ගැනෙති

181

මුලතිව් කණ්ඩාවලෙයි ඇතුළු ගම්මාන හතරකට කොටු වී සිටි පවුල් 178 කට අයත් පුද්ගලයන් 512 ක් යුද හමුදා නිලධාරීන් විසින් බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා රැගෙන විත් තිබේ.

අධික වර්ෂාව නිසා ගලා ගිය වැසි ජලයෙන් මහා මාර්ග සියල්ලම යට වී නිවෙස් තුළට ජලය ගලා ඒම නිසා මේ පිරිසට ආරක්ෂිත ස්ථානයක් වෙත යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබුණි.

මුලතිව් ගම් 4ක කොටුවී සිටි පවුල් 178ක් මුදා ගැනෙති

මේ පිළිබඳව මුලතිව් දිසාපති කාර්යාලය විසින් පළාතේ යුද හමුදා සේනාංක දැනුවත් කිරීමෙන් පසුව යුද හමුදා නිලධාරීන් ආරක්ෂිත උපකරණ හා ජලයේ ගමන් කළ හැකි යුද හමුදාව සතු ඉතා උසින් යුතු බෆල් රථ රැගෙන ගොස් එම පිරිස මුදාගෙන බස් රථවල පටවා ආරක්ෂිත ස්ථාන කරා රැගෙන විත් තිබේ.

මුලතිව් ගම් 4ක කොටුවී සිටි පවුල් 178ක් මුදා ගැනෙති

කෙසේ වෙතත් යුද හමුදා නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා ජලයට කොටු වී සිටි වැසියන් පිරිස බේරා ගෙන තිබේ. දෙමළ දේශපලනඥනයන් මෙම පළාත්වල සිටින හමුදා සේනාංකවලට වහාම ඉවත් වන ලෙස බලපෑම් කරනු ලැබූවත් සෑම වසරකදීම මුලතිව් කිළිනොච්චි පළාත්වලට ගංවතුර තර්ජන පැමිණි වහාම ඔවුන්ව බේරා ගෙන ගොස් ආහාර පාන ඇතුළු සියලු දෙයින් සංග්‍රහ කරනු ලබන්නේ යුද හමුදා නිලධාරීන් විසිනි.

මුලතිව් ගම් 4ක කොටුවී සිටි පවුල් 178ක් මුදා ගැනෙති

මේ නිසා එම පළාත්වල සාමාන්‍ය ජනතාව යුද හමුදාව සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටිති.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment