පාරිභෝගික ආරක්‍ෂණ පනත සංශෝධනය කර සහල් සඟවන ස්ථාන වටලනවා – ඇමැති අමරවීර කියයි

43

සහල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය සඟවන පුද්ගලයන්ට නඩු පැවරීමට හෝ එවැනි ස්ථාන පරීක්‍ෂා කිරීමට පාරිභෝගික ආරක්‍ෂණ පනත යටතේ බලතල නැතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එම පනත මගින් බලතල ඇත්තේ වැඩි මිලට අලෙවි කරන පුද්ගලයන් සහ ආයතන සඳහා නඩු පැවරීමට පමණක් යැයි පැවසූ අමාත්‍යවරයා එබැවින් පාරිභෝගික ආරක්‍ෂණ පනත සංශෝධනය කළ යුතු යැයි සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කළ බවත් පනත සංශෝධනය කර සහල් සඟවාගෙන සිටින මහා පරිමාණ සහල් මෝල් අයිතිකරුවන්ගේ ස්ථාන පරීක්‍ෂාවට සහ නඩු පැවරීමට බලතල ලබාදීමට පියවර ගන්නා බවත් හෙතෙම කීවේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment