විදේශ විනිමය ප්‍රේෂණ මත බදු නෑ: රුපියල් කරන්නෙත් නෑ – මහබැංකුව කියයි

116

විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල්වලට හරවනු ඇතැයි පැතිර යන කටකතා අසත්‍ය බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

විදේශ ප්‍රේෂණ මත කිසිදු බද්දක් අය නොකරන අතර, විදේශගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් එවන විදේශ විනිමය ප්‍රේෂණ, විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන් තම බැංකු ගිණුම්වල තබාගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ අභිමතය පරිදි සිදුකළ හැකි බව එම නිවේදනයේ දැක්වේ.

තවද විදේශගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන්ට දැනට ලබා දී ඇති විවිධ දිරිදීමනා අඛණ්ඩව තවදුරටත් ඒ ආකාරයෙන්ම වෙනසක් නොමැතිව භුක්ති විඳිය හැකි බව ද මහබැංකුව පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment