දියතලාව ට්‍රැෆික් ඕ අයි සී ගේ යතුරුපැදිය උස්සලා ගිනි තියලා

411

දියතලාව පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපතිවරයා වන රෝහණ මහතාගේ පෞද්ගලික යතුරුපැදිය කිසියම් පුද්ගලයකු විසින් පොලිසියේ නවතා තිබියදී සොරාගෙන ගොස් දියතලාව හපුතලේ මාර්ගයේ ගල්කන්ද ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගිනි තබා තිබියදී දියතලාව පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අදාළ යතුරුපැදිය මුළුමනින්ම ගිනිබත්වී ඇතැයි පොලිසිය පවසයි.

අදාළ යතුරුපැදිය සී ටී 100 බජාජ් වර්ගයේ යතුරුපැදියකි. එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 2 කට අධික බව පොලිසිය කියයි.

මෙම සොරකම කවුරුන් විසින් කළේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් දැනගන්නට නැත. දියතලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සාගර දයාරත්න මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.

හපුතලේ – බුවනෙක

advertistmentadvertistment
advertistmentadvertistment