අද චීන නැව හම්බන්තොටට – ඉන්දීය මාධ්‍ය කියයි

602

චීන යුවාන් වැන්ග් -5 නෞකාව අද පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය කියයි. මෙම නෞකාවේ ලංකා ගමන කල් දමන ලෙස විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටිය ද නැවේ ගමන නතර වී නැත.

චීන නැවේ ලංකා ගමන පිළිබඳව ඉන්දියාව බෙහෙවින් කලබලවී තිබෙන අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙය චීන හමුදාවට අයත් ඔත්තු බලන යාත්‍රාවක් බවයි.

ඉන්දියාවේ විරෝධය නිසා මෙම නැවේ ගමන කල් දමන ලෙස ඉල්ලීමක් කිරීමට ලංකා රජයට සිදුවිය.

මෙම නැව පැයට කිලෝමීටර් 26ක වේගයෙන් ඉන්දුනීසියා මුහුදේ ගමන් කරමින් තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. යුවාන් වැන්ග් -5 නැවේ 400ක කාර්ය මණ්ඩලයක් සිටින අතර මෙම නැවේ ගමන පිළිබඳව වෙනත් පාර්ශ්ව කලබල විය යුතු නැති බව බිජිං ආණ්ඩුව ප්‍රකාශ කර තිබිණි.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment