නොවැම්බර් 27දා සිට උසස් පෙළ ඇරැඹෙයි: – ජුලි 28 දායින් අයැදුම්පත් භාරගැනීම අවසන්

73

උසස් පෙළ විභාගය 2022 (2023) නොවැම්බර් 27 දා සිට 2023 දෙසැම්බර් 21 දා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාා ඊයේ (19 දා) පැවැසීය.

මෙම විභාගය සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම 2023 ජුලි 07 දා ඇරැඹිණි. ජුලි 28 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව ඉහත සඳහන් කාලසීමාවේදී අයදුම්පත් ඉදිරිපත් නොකරන විභාගය සඳහා ප්‍රථම වතාවට පෙනී සිටින කිසිදු අයදුම්කරුවකු හට නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා සහන කාලසීමාවක් ලබා නොදෙන බව ද ජයසුන්දර මහතා කියා සිටී.

කෙසේ වෙතත් පෙර වසරේ උසස් පෙළ ලියා ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටින අයට ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන බව ද ඒ මහතා කියා සිටී.

2022 වර්ෂයට අදාළව 2023 පෙබරවාරි 17 දින අවසන්වූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු (ලබන මාසයේ) ලබාදීමට කටයුතු කරන බව ද ජයසුන්දර මහතා වැඩිදුරටත් පවසයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment