2028 තෙක් අයිපීඑල් ටාටා වෙයි

222

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය මේ වසරේ සිට 2028 දක්වා තවත් වසර පහක කාලයක් සඳහා දීර්ඝ කර ගැනීමට ටාටා සමූහය සමත්ව තිබේ.

2022 හා 2023 අදියරවලදී ද අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළ ඔවුන් මෙවර ඉන්දියන් රුපියල් කෝටි 2,500 ක ලංසු මුදලක් යටතේ එහි අනුග්‍රාහකත්වය හිමිකරගෙන ඇත.

එම මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි දස දහසක් පමණ වන අතර ඒ අනුව වසරකට අදාළ අනුග්‍රාහකත්ව වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි 2000 කට ආසන්න වේ.

ඒ අනුව 2024 අදියරේ සිට 2028 අදියර දක්වා ද අයි.පී.එල්. තරගාවලිය Tata IPL ලෙස හැඳින්වීමට නියමිතව ඇත.

2024 අයි.පී.එල්. තරගාවලිය මාර්තු 22 වැනිදා සිට මැයි මස අග දක්වා පැවැත්වීමට නියමිත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment