කොමිසමේ තටු කපන්න නව විදුලි බල පනතක් – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

105

“විදුලි ගාස්තු අනුමත කිරීමේ බලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් උදුරා ගැනීම සඳහා විදුලි බල ඇමැතිවරයා හොර රහසේ නව විදුලි බල පනතක් කෙටුම්පත් කරනවා” යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

හදිසි විදුලිය මිලදී ගැනීම, විදුලි ගාස්තු වැඩි කිරීම, විදුලි බලාගාර කොන්ත්‍රාත් ආදිය සම්බන්ධයෙන් අවසන් තීරක බලය ඇමැතිවරයා වෙත පැවරෙන ආකාරයට නීති සකස් කරමින් ඇති බව ද විදුලි වංචාවලට සම්බන්ධ හිටපු විදුලිබල ලේකම්වරයෙකු ඇතුළු පිරිසක් විසින් මෙම කෙටුම්පත සකස් කරන බව ද ඔහු කීවේය. ඒ පිළිබඳ සාක්ෂි සහිත විස්තර ඉදිරියේදී අනාවරණය කරන බවත් එවැනි පනතක් පරාජය කිරීමට අවශ්‍ය මැදිහත් වීම කරන්න විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය ක්‍රියා කරන බවත් සංජීව ධම්මික මහතා කීවේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment