හදවතින් දුටු කඳසුරිඳු දෑසින්ම දැකගමුද?

320

දේව කතාවක් පළමු වතාවට සිනමාවට නැඟෙයි

දේව කතා සාහිත්‍යයෙහි මිනිස් දුවක් සරණපාවා ගත් දෙවියකු ගැන සඳහන් වන්නේ කතරගම දෙවියන් ගැන පමණි. එම දෙවියන්ට බාල කාලයේ පටන් ආලය කර” ඒ ආලයේ මහිමයෙන් ඔහු කතරගමට ගෙන්වා ගෙන සරණ කර ගත් රූමතිය වැදි ජනයා අතර හැදුණු වැඩුණු වල්ලී ය. ඔවුන් දෙදෙනාගේ කථා වස්තුව විචිත්‍රවත් ප්‍රේම වෘතාන්තයකි. ශිව පාර්වතී මංගල්‍යය” කඳ කුමරුන්ගේ ඉපදීම” අසුර පරාජය” දුටුගැමුණු කඳ සුරිඳු මිත්‍රත්වය” කතරගම දෙවොලේ මූලාරම්භය හා ගණ දෙවියන්ගේ හමුව ඇතුළු ඇසූ නොඇසූ කථා කදිර දිව්‍යරාජ සිනමාපටය තුළින් නැරඹිය හැකිය.

හදවතින් දුටු කඳසුරිඳු දෑසින්ම දැකගමුද?

මෑත කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වූ කුසපබා” පත්තිනි” බිම්බාදේවි හෙවත් යශෝධරා” විජයබා කොල්ලය වැනි ඉතිහාස කතා ඔබට තිළිණ කළ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා නිර්මාණය ලෙස කදිර දිව්‍ය රාජ හැඳින්විය හැකිය. සැබෑ ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු ලෙස රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ තම ව්‍යවසායකත්ව ශක්තිය සිනමා කර්මාන්තය වෙත මේ මොහොතේ යොමුකරන්නේ කදිරදිව්‍ය රාජ සිනමා කෘතිය නිෂ්පාදනය කරමිනි.

හදවතින් දුටු කඳසුරිඳු දෑසින්ම දැකගමුද?

කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ ප්‍රධාන චරිත ද්විත්වය භාරතීය රංගන ශිල්පී සමර් වර්මානි සහ භාරතීය රංගන ශිල්පිනී සොනාක්ෂි සිං රාවන් යන දෙපළ අතින් නිරූපිතය. ඊට අමතරව රොෂාන් පිලපිටිය” නිල්මිණි තෙන්නකෝන්” ජගත් චමිල” චරිත් අබේසිංහ” වසන්ත විට්ටච්චි” නදීපා රණසිංහ” සරත් කොතලාවල” ධනංජය සිරිවර්ධන” විනූ උදානි සිරිවර්ධන” හරිනි කාව්‍යාංජනී” අජිත් ශාන්ත” සමුදි ජයසිංහ” වසන්ත කුමාරවිල” ෂෙල්ටන් කැකුලාවල” රජිත රොද්‍රිගු” රංගි රාජපක්ෂ” සම්පත් තෙන්නකෝන් වැනි ප්‍රවීණ දේශීය නළු නිළියන් රැසක්ද මෙම සිනමා නිර්මාණයට රංගන දායකත්වය සපයා ඇත.

හදවතින් දුටු කඳසුරිඳු දෑසින්ම දැකගමුද?

කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂණය චන්න දේශප්‍රිය” කලා අධ්‍යක්‍ෂණය ධම්මික හේවාදුවත්ත” නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීර” සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර” සටන් අධ්‍යක්‍ෂණය සුමුදු අමල්ක” දෘශ්‍ය ප්‍රයෝග චමත් පරණවිදාන” නර්තන අධ්‍යක්‍ෂණය සංඛ අබේසිංහ” වස්ත්‍රාභරණ වෙනුක වික්‍රමාරච්චි වෙස් ගැන්වීම ප්‍රියන්ත දිසානායක” කේශාලංකරණය හරූන් ෂයිඩීන්” සංගීත අධ්‍යක්‍ෂණය රෝහණ වීරසිංහ” ගීත ගායනය නිරෝෂා විරාජිනී සහ රවීන් කණිෂ්කගෙනි. ශ්‍රී ලාංකේය ජනතාවගෙන් වඩාත් වැඳුම් පිදුම් ලබන දෙවියන් වනාහි කතරගම දෙවියන් හෙවත් කදිර දිව්‍යරාජයන් ය. ශ්‍රී ලංකාවට පැමිණි බව පැවසෙන එකම දෙවියන්ද එතුමා ය. කතරගම විසූ වල්ලී නම් සුරූපිනිය විවාහ කරගත් බව පැවසෙන දෙවියන්ද එතුමා ය. කදිර දිව්‍යරාජ නමින් සිනමාවට නැඟී ඇත්තේ කතරගම දෙවියන් සහ වල්ලී පිළිබඳ එම අසිරිමත් කථාන්තරය යි. මේ වනාහි සිංහල සිනමා ඉතිහාසයෙහි දේව කතාවක් සිනමාවට නැගෙන ප්‍රථම අවස්ථාවයි.

හදවතින් දුටු කඳසුරිඳු දෑසින්ම දැකගමුද?

කාලය ක්‍රිස්තු පූර්ව 02 වන සියවසයි. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වනගත ජීවිතයක් ගත කරන මිනිස් ප්‍රජාවකි. ඔවුන් අතර සිටින සුද්දහාමි (රොෂාන් පිලපිටිය) සහ උක්කුඑතනි (නිල්මිණි තෙන්නකෝන්) දරුවකු පිළිබඳ ආසාවෙන් කතරගම බෝධියට භාරහාර වෙමින් සිටිති. මුවැත්තියකගේ මඟ පෙන්වීම අනුව ඔවුන්ට කතරගම කැලයෙන් බිලිඳියක හමුවේ. වනයෙන් හමුවූ නිසා ඔවුහු ඇයට “වල්ලී” යැයි නම් තබති. කාලයාගේ ඇවෑමෙන් රූමතියක වූ වල්ලී (ඉන්දීය නිළි සොනාක්ෂි සිං රාවන්) නොදුටු රුවකට ආලය කරන්නට පටන් ගනී. ඒ ආලය කොතරම් වීදයත් ඇය සිතින් පමණක් දුටු ඒ පෙම්වතා ගේ පිළිමයක් නිර්මාණය කර යෙහෙළියන් සමග ඒ පිළිරුවට පූජා කරන්නට පටන් ගනී. දිනක් එතැනට පැමිණෙන නාරද ඍෂි (ජගත් චමිල) ඇයට පවසන්නේ ඇය ආලය කරන්නේ ස්කන්ද නම් මහා බලසම්පන්න දෙවියන්ට බවයි. එයින් මවිතයට පත්වන වල්ලී” ස්කන්ද ගැන නාරද ඍෂිගෙන් තොරතුරු විමසයි.

හදවතින් දුටු කඳසුරිඳු දෑසින්ම දැකගමුද?

නාරද ඍෂි” ස්කන්ද කුමාරෝපත්තිය විස්තර කරන්නට පටන් ගනී. එක්තරා කාලයක් දිව්‍යලෝකය” දෙවියන්ගේ පරම සතුරා වූ නාරද නම් අසුරයාගේ (වසන්ත කුමාරවිල) අණසකට යටත්වේ. ඔහු දෙවිවරුන් පීඩාවට පත් කරයි. ලෝක පාලක මහාබ්‍රහ්ම (සම්පත් තෙන්නකෝන්) පවසන්නේ තාරකගෙන් දෙව්ලොව ගලවා ගතහැකි වන්නේ ශිව – පාර්වතී දෙදෙනාට දාව උපදින දරුවකුට පමණක් බවයි. කාමදේව (ධනංජය සිරිවර්ධන) සහ ඔහුගේ භාර්යාව රතී (විනූ සිරිවර්ධන) ශිව – පාර්වතී දෙදෙනා අතර ප්‍රේමයක් ඇති කරයි. ශිව – පාර්වතී දෙදෙනාට උපන් දරුවා වූ ස්කන්ද (සමර් වර්මානී) තාරක වනසයි. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්ද්‍ර දෙවියෝ සිය දියණිය වූ දේවයානී (නදීපා රණසිංහ) ස්කන්දට විවාහ කරදෙයි.

හදවතින් දුටු කඳ සුරිඳු දෑසින්ම දැකගන්න කදිර දිව්‍යරාජ සිනමා නිර්මාණය මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවලදී තිරගත කෙරේ.

හදවතින් දුටු කඳසුරිඳු දෑසින්ම දැකගමුද?

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment