චන්දිමාල්ගේ වේගවත් ඉනිමෙන් සදර්න් පිලට ජය

329

2021 යුද හමුදාපති ලීග පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (02 වැනිදා) පැවැති තරගයේදී ඊස්ටන් වොරියර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලූ 08ක පහසු ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට සදර්න් වොරියර්ස් කණ්ඩායම සමත්විය.

 දොඹගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් අසේල ගුණරත්නගේ නායකත්වයෙන් යුත් ඊස්ටන් වොරියර්ස් කණ්ඩායම පළමු පිති ප‍්‍රහාරය දියත් කරමින් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 9ක් දැවී ලකුණු 144ක් ලබා ගැනීමට සමත්විය. නායකත්වයේ ඉනිමක් ක‍්‍රීඩා කළ අසේල ගුණරත්න පන්දු 45 කදී ලකුණු 53 ක් ලබා ගැනීමට සමත්විය. එම ඉනිමට ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 05 ක් ඇතුළත් විය. හිමාෂ ලියනගේ ලකුණු 21 ක් හා චතුරංග ද සිල්වා පන්දු 16 කදී ලකුණු 21 කින් ඊසටන් ඉනිම ශක්තිමක් කළේය.

 සදර්න් වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 27 කට ප‍්‍රතිවාදී කඩුලූ 03 ක් දවාගැනීමට සමත්වූ අතර, දිනේෂ් පෙරේරා සහ මධුශාන් බෝතොටගේ කඩුලූ 02 බැගින් බිඳ දැමීය.

 ලකුණු 145 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය දිනෙෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් සදර්න් වොරියරිස් කණ්ඩායම පන්දුවාර 18.4 ක් තුළ කඩුලූ 02 ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේය. දිනේෂ් චන්දිමාල් පන්දු 52 කදී නොදැවී ලකුණු 79 ක් රැුස්කිරීමට සමත්වූ අතර එම ඉනිමට හයේ පහරවල් 2 ක් සහ හතරේ පහරවල් 07 ක් ඇතුළත් විය. පී. රත්නායක පන්දු 35 කදී ලකුණු 40 ක් සහ එස්. ඒකනායක පන්දු 23 කදී නොදැවී ලකුණු 22 ක් වාර්තා කළේය. ඊස්ටන් වොරියර්ස් කණ්ඩායමේ චතුරංගද සිල්වා ප‍්‍රතිවාදී කඩුලූ 02ක් දවා ගැනීමට සමත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment