බටහිර චීනයේ ප්‍රබල භූමිකම්පාවක්

133

රිච්ටර් මාපකයේ 7.1ක් වශයෙන් සටහන් වූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් චීනයේ බටහිර සින්ජියැන් කලාපයේ කඳුකර ප්‍රදේශය ඊයේ (23දා) උදෑසන දෙදරුම් කා ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

මෙම භූමිකම්පාව හේතුවෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන් කඩා වැටී ඇති අතර විදුලි කණු කඩා වැටීමෙන් විශාල ප්‍රදේශයක විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වී තිබේ. කඩා වැටුණු සුන්බුන්වලට යට වී සිටින පිරිස් සොයා සහන කණ්ඩායම් විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව චීන රජයට අයත් සින්හුවා ප්‍රවෘත්ති සේවය පවසයි.

මෙම භූමිකම්පාවෙන් පසු පසු කම්පන 50කට වැඩි සංඛ්‍යාවක් සිදුව ඇති බව වාර්තා වී තිබේ. මෙම තත්ත්වය මත සින්ජියැන් කලාපයේ භූමිකම්පාවෙන් විපතට පත් වූ ප්‍රදේශවලට ගමන් ගැනීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 27ක් ඊයේ දිනයේ අත්හිටුවා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment