බංග්ලාදේශයේ ගින්නකින් 46ක් මරුට

142

බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි සය මහල් ගොඩනැගිල්ලක පෙරේදා (29දා) සවස හටගත් දැවැන්ත ගින්නකට ගොදුරු වීමෙන් 46 දෙනකු මියගොස් ඇති අතර පිළිස්සුම් තුවාල සහිත අසාධ්‍ය තත්ත්වයේ පසුවන 22 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ. සය මහල් ගොඩනැගිල්ලේ පිහිටි බුරියානි අලෙවි කරන හෝටලයක ගෑස් උදුනකින් ගෑස් කාන්දු වීමෙන් මෙම ගින්න හටගෙන ඇති බවට බලධාරීන් විශ්වාස කරන අතර එම ගින්නට ගොදුරු වු බුරියානි හෝටලයේ ආහාර ගනිමින් සිටි පවුල්වල කුඩා ළමුන් ඇතුළු සාමාජිකයන් මෙන්ම ගොඩනැගිල්ලේ නිවෙස්වල සාමාජිකයන් මිය ගොස් හා තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සය මහල් ගොඩනැගිල්ල තුළ ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති මෙම ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදා භටයන්ට පැය දෙකක පමණ කාලයක් ගත වී තිබේ. මෙම ගින්නට කොටු වූ 75 දෙනකු බේරා ගෙන ගොඩනැගිල්ලෙන් පිටතට ගෙන ආ බව බලධාරීහු පවසති.

මෙම ව්‍යසනය සම්බන්ධයෙන් බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා වජීඩ් තමා දැඩි කම්පනයට පත්ව ඇති බව නිවේදනය කර ඇති අතර ගින්නෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇති පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දෙන ලෙස බලධාරීන්ට නියෝග කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment