සූර් වී පිස්සු නැටූ දඹගල්ල කොස්තාපල්ගේ වැඩ තහනම්

444

දඹගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් රියදුරෙකුගේ සේවය ඉකුත් 27 වෙනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරී එල්.ඒ.ඩී රත්නවීර මහතා විසින් පියවර ගෙන ඇත.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පොලිස් කොස්තාපල් රියදුරු 18689 ආර්.එම් කසුන් ලක්මාල් රත්නායක යන නිලධාරියාගේය.

රාජකාරි කාලය තුළ මත් දියර පානය කර නියමිත වේලාවට රාජකාරියට වාර්තා නොකර ඔහුගේ අභිමතය පරිදි විවේක වාර්තා කර උප සේවයේ යෙදී සිට චෝදනාගාරය තුළ බීමත්ව හැසිරෙමින් සිටියදී පො.ප වසන්ත ආනන්ද නිලධාරියා විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඊට විරෝධය පා නිලධාරියාගේ බෙල්ලෙන් අවස්ථා දෙකකදී අල්ලා පහරදීමට තැත්කර අත්අඩංගුවට පත්වීමෙන් මිදී පළා යාමෙන් සිදුකර ඇති විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන අයුරින් ක්‍රියාකිරීම නිසා මෙම වැඩ තහනම් කිරීම සිදුකර ඇත.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment