සෞඛ්‍ය අතිරේක ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට!

301

ප්‍රශ්න සහගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් වංචා සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01 වැනිදා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

මෙම ප්‍රතිදේහ එන්නත් වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සමන් රත්නායකට දැනුම් දීමක් කර තිබූ අතර ඊයේ පෙරවරු 10.00 පමණ ඒ මහතා එහි පැමිණි සිටියේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හරිමින් රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 06 දෙනෙක් සහ ව්‍යාපාරිකයෙක් මේ වනවිට බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.

මෙම මහා අපරාධයට සම්බන්ධ සියලුම සැකකරුවන් දින 14ක් ඇතුළත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබිණි.

ඒ අනුව මෙම මහා වංචාවට සම්බන්ධ සියලුම සැකකරුවන්ට එරෙහිව ඇති විමර්ශන කඩිනම් කර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment