ඉන්ධන කෝටාව ඉහළට

136

එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් ඊයේ (04දා) මධ්‍යම රාත්‍රියේ සිට වාහන හිමියන්ට ලබාදෙන ඉන්ධන කෝටාව රජය විසින් ඉහළ දමා ඇත.

ඒ අනුව ත්‍රිරෝද රථ සඳහා මෙතෙක් ලබා දුන් ලීටර් 5 සීමාව ලීටර් 8 දක්වාත් යතුරුපැදි සඳහා ලබා දුන් ලීටර් 4 සීමාව ලීටර් 7 දක්වාත් ඉහළ දමා ඇත.

එමෙන්ම බස්රථ සඳහා ලීටර් 40 සිට 60 දක්වාද මෝටර්රථ සඳහා ලීටර් 20 සිට 30 දක්වාත් ඉඩම් වාහනවලට ලීටර් 15 සිට 25 දක්වාත් ලොරි රථවලට ලීටර් 50 සිට 75 දක්වාත් විශේෂ කාර්ය වාහන හා වෑන් රථ සඳහා ලීටර් 20 සිට 30 දක්වාත් ඉහළ දමා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment