බුත්තල පොදුජන පෙරමුණේ පාක්ෂිකයෝ තුන්සීයක් සමගි ජනබලවේගයට

833

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් තුන්සිය දෙනකුට ආසන්න පිරිසක් ඉකුත් (24දා) බුත්තල සංස්කෘතික මධ්‍යස්ථානයේදී සමඟි ජනබලවේගයට එක්විය.

මොනරාගල දිස්ත්‍රික් පා.ම. ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන මහතා ප්‍රදේශයට සිදුකරන සේවය පිළිබඳව පැහැදී එක්වූ මෙම පිරිසට අවුරුදු 16 ආසන්න කාලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සුනිල් කළුපහන, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සුනිල් රත්නායක යන මහත්වරුන් ඇතුළු ග්‍රාමීය ශාඛා සමිති ප්‍රධානීන් ඇතුළු පාක්ෂිකයෝ මෙලෙස සමඟි ජනබලවේගයට එක්වූහ.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පා.ම. ඉරාන් වික්‍රමරත්න, රතන්පුර දිස්ත්‍රික් පා.ම. වරුණ ලියනගේ, මොනරාගල දිස්ත්‍රික් පා.ම. ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන සහ හිටපු නියෝජ්‍ය කථානායක ජේ.එම්. ආනන්ද කුමාරසිරි යන මහත්වරු සහභාගි වූහ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment