යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය වනසිංහ

328

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා 15 වැනිදා වැඩ භාරගත්තේය.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් සී. ඩී. වීරසූරිය මහතා වසර 36 ක සේවා කාලයක් නිමා කරමින් විශ්‍රාම ගැනීම නිසා නව තනතුරට සංජය වනසිංහ මහතා පත්කර තිබේ.

1988 – 1991 වසර දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වැනි හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ පුත්‍රයා වන ජෙනරාල් සංජය වනසිංහ මහතා, සිය පියා යුද හමුදාපති ධුරය දරන වකවානුවේ කැඩෙට් නිලධාරියකු ලෙස හමුදාවට එක්වී පියා අතින්ම අධිකාරියට පත්වීම විශේෂත්වයකි.

මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා වන්නි මානුෂීය මෙහෙයුමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් දක්‍ෂ නිලධාරියකු වන අතර කොළඹ ආනන්ද විදුහලේ දීප්තිපත් ආදිසිසුවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment