බස්නාහිර 10-11 ශ්‍රේණි විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින්ම සමාජ මාධ්‍යයෙන් – කඩිනම් පරීක්‍ෂණයක් ඕනෑ – ස්ටාලින්

95

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ඊයේ (01දා) පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂාවසාන වාර විභාගයේ 10 ශ්‍රේණිය හා 11 ශ්‍රේණිවල විද්‍යාව ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම සම්බන්ධයෙන් වහා බලධාරීන් කඩිනමින් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම ප්‍රශ්න පත්‍ර පිටවී තිබුණේ හෝමාගම, මොරටුව, ගම්පහ යන ප්‍රදේශවලින් බව ද තෙහෙම කීය.

තවදුරටත් කතා කළ ජෝශප් ස්ටාලින් මහතා මෙසේ ද කියා සිටියේය. “මීට පෙර කෘෂි විද්‍යාව පේපර් එක පිට වුණා. දැන් බස්නාහිර පළාතේ විද්‍යාව 10, 11, ශ්‍රේණිවල පේපර් පිටවෙලා. මේ වැඩවලින් වෙන්නේ ළමයින්ගේ මානසික මට්ටම බිඳ වැටෙන එකයි.

දැන් මේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය බර වියදමක් දරලයි පේපර් ටික ගහන්නේ. දරුවන්ගේ 3 වැනි වාර විභාගය මේ. වාර විභාගය තියලා ඒ විභාග පේපර් එක පිට වෙනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේකෙන් වෙන්නේ ළමයින්ගේ මානසික මට්ටම බිඳ වැටෙන එකයි.

මේ අතර, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකරන ලෙසට තමන් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිමල් ජයවීර මහතාට උපදෙස් ලබාදුන් බවයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment