මහ වැසි හා සුළං හේතුවෙන් ආජන්ටිනාවේ 14ක් මරුට

122

කුණාටුවක් හේතුවෙන් හටගත් අධික වැසි හා තද සුළං හේතුවෙන් නැගෙනහිර ආජන්ටිනාවේ 14 දෙනකු මිය ගොස් තවත් 14 දෙනකු තුවාල ලබා තිබේ. ඉකුත් සෙනසුරාදා (16දා) ආජන්ටිනාවේ වරාය නගරයක් වන ‘බහියා බ්ලන්කා’ නගරයට කඩා වැදුණු කුණාටුවක් හේතුවෙන් නගරයේ ගොඩනැගිලි විනාශ වී ගොස් ඇති අතර නිවාස හා ගොඩනැගිලිවල විදුලිය විසන්ධි වී ගොස් තිබේ.

මෙම ව්‍යසනයෙන් මිය ගොස් ඇති 14 දෙනාගෙන් 13 දෙනකු මිය ගොස් ඇත්තේ ‘බහියා බ්ලන්කා’ නගරයට කඩා වැදී ඇති කුණාටුවත් සමගම ක්‍රීඩා මධ්‍යස්ථානයක වහලය කඩා වැටීම හේතුවෙනි. එම අවස්ථාවේදී ක්‍රීඩා මධ්‍යස්ථානයේ හිම මත ලිස්සීමේ තරගාවලියක් පැවැත්වෙමින් තිබී ඇත. අධික වැසි හේතුවෙන් ආජන්ටිනාවට යාබදව පිහිටි උරුගුවේ රාජ්‍යයේ වැසියන් දෙදෙනකු මිය ගොස් තිබේ. මේ අතර ඔස්ටේ්‍රලියානු ප්‍රාන්තයක් වන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කුණාටු හේතුවෙන් හටගත් අධික වැසි හා තද සුළං හේතුවෙන් දහස් ගණනක් අවතැන්ව ඇති අතර නිවාස හා ගොඩනැගිලි විනාශ වී ගොස් විදුලිය විසන්ධි වී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ක්වීන්ස්ලන්ත ඉතිහාසයේ මෙතෙක් හටගත් දරුණුම ජල ගැලීම වන මෙම ජලගැලීම් හේතුවෙන් කේන්ස් නගර මාධ්‍යයට දැවැන්ත කිඹුලෙකුද ගසා ගෙන විත් ඇති අතර ජලයෙන් යට වූ නිවාසවල සිටි නිවැසියන් බෝට්ටුවලින් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment