වැලිගම පල්ලියකදී සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට අන්තවාදීන්ගෙන් ප්‍රහාරයක්

951

වැලිගම බුහාරි භක්තියා ජුම්බා පල්ලියේ පසුගිය සිකුරාදා (15දා) ඇතිවූ ගැටුමකදී වහාබ්වාදී කණ්ඩායමක් විසින් සම්ප්‍රදායික මුස්ලිම්වරුන් පස්දෙනෙකුට බරපතළ ලෙස පහරදී තුවාල සිදුකර ඇත.

සුන්නි මුස්ලිම් අධ්‍යාත්මික නායක අල්ෂෙයික් තයිතා නාසිර් ආලිම්තුමාගේ අනුගාමිකයන් පිරිසක් මෙලෙස අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව තිබේ.

අන්තවාදී කණ්ඩායම් තම පාරම්පරික පල්ලිය අල්ලා ගැනීමට උත්සාහ කරන බව සම්ප්‍රදායික මුස්ලිම්වරු පවසති.

මෙම ගැටුමට සම්බන්ධ 11දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබේ.

තුවාල ලැබූ පිරිස වැලිගම රෝහලෙන් ප්‍රතිකාර ලබා තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment