වින්ඩිගෙන් දමිළ ගීතයක් – ‘අයියෝ සාමි’ට ප්‍රතිචාර ඉහළයි

550

සනුකව දැක්කහම අපේ තාත්තිව මතක් වෙනවා එයා හරිම ටැලන්ටඩ්

සංගීත ක්‍ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය සනුක වික්‍රමසිංහගේ සංගීතයෙන් සහ තනු නිර්මාණයෙන් රූකාන්ත – චන්ද්‍රලේඛා යුවළගේ ආදරණීය දියණිය වන වින්ඩිගේ හඬින් ඇගේ අලුත්ම ගීතය පසුගියදා එළිදැක්වූවා. මෙහි විශේෂත්වය තමයි මේ ගීතය වින්ඩි ගායනා කරන්නේ ද්‍රවිඩ භාෂාවෙන්. ඇයි මේ වගේ ගීතයක් වින්ඩි නිර්මාණය කළේ. අපි වින්ඩිට කතා කළා. මේ ඇගේ හඬයි.

● අයියෝ සාමි ගීතයට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තට ම ඔක්කොම වගේ හොඳ තමයි කියන්නේ. මම හිතුවේ නැහැ ඇත්තට ම ඒ වගේ ප්‍රතිචාරයක් ලැබේවි කියලා. මම මුල් වතාවට තමයි දමිළ ගීතයක් කළේ.

● ඇයි මේ දමිළ ගීතයක් කළේ?

ඇත්තට ම වුණේ මේකයි. මුලින්ම සනුක මෙලඩි එක හැදුවා. එයාට ඒ වෙලාවේ හිතුණා ඒ මෙලඩි එකට දමිළ පද රචනයක් ආවා නම් හොඳයි කියලා. ඇත්තට ම ඒ අදහස සාර්ථක වුණා. මෙහි සිංහල වර්ෂන් එකකුත් අපි කරලා තියෙන්නේ. නමුත් දමිළ වර්ෂන් එක තමයි කට්ටියගේ හිතට වැදිලා තියෙන්නේ.

● රූප රචනාව ගැනත් කතා නො කරම බැහැ?

විහාන්ස් ප්‍රඩක්ෂන් තමයි ඒක නිර්මාණය කළේ. ඔවුන්ගේ අදහස් තමයි ඔක්කොම ක්‍රියාත්මක කළේ. ෆැන්ටසි වර්ල්ඩ් එකක් කඩාගෙන වැටුණා වගේ අදහසක් තියෙන්නේ.

● තාත්තයි අම්මයි සින්දුවට මොනවද කිව්වේ?

වින්ඩිගෙන් දමිළ ගීතයක් - ‘අයියෝ සාමි’ට ප්‍රතිචාර ඉහළයි

අම්මෝ ඒ දෙන්නා හරි කැමැතිය.ි ඒ දෙන්නටත් ආසා ඇති මම දමිළ භාෂාවෙන් සින්දු කියනවා අහන්න.

● සමහරු කියනවා නේද වින්ඩිගේ හඬ අම්මාගේ වගේමයි කියලා?

සතුටුයි ඒ ගැන. ඒක මට ආශිර්වාදයක්. අම්මගේ වොයිස් එක හරි ම යුනික්.

● අයියෝ සාමි හි සිංහල ගීතය ළඟදීම එළිදක්වනවා ද?

ඔව්. ළඟදීම එළිදක්වන්න අදහසක් තියෙනවා. තව සතියකින් විතර සිංහල ගීතය එළිදක්වන්න සැලසුම් කරලයි තියෙන්නේ.

● ගීත එකතුවක් කරනවා කියලත් ආරංචියි?

ඔව්. මම ගීත එකතුවක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ දවස් ටිකේම සනුකයි මගේ තාත්තයි ගීත නිර්මාණය කරනවා. ඒ ගීත ටික පටිගත කරන්න තමයි සැලසුම් කරන්නේ. ගීත එකතුව ලබන අවුරුද්දේ එළිදක්වන්න සැලසුම් කරනවා.

● සංගීත වැඩවලට සනුකගෙන් ලැබෙන සහයෝගය?

වින්ඩිගෙන් දමිළ ගීතයක් - ‘අයියෝ සාමි’ට ප්‍රතිචාර ඉහළයි

එයාගෙන් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. එයා ගොඩක් මහන්සි වෙනවා සින්දු හදන්න. එයාගේ සින්දුත් හදන ගමන් එයා මට ලොකු සහයෝගයක් ලබාදෙනවා.

● සනුක එක්ක ගීතයක් කරන්නේ නැති ද?

සනුක එක්ක ගීතයක් කළා මනාලී කියලා. ඒ ගීතයේ රැප් ගායනය සිදු කරන්නේ සනුක. ‘මනාලී’ ගිතයේ රූප රචනාව කරන්න මේ දිනවල සැලසුම් කරමිනුයි ඉන්නේ. ඒ ගීතයත් ළඟදීම රිලීස් කරන්න අදහසක් තියෙනවා.

● සනුයි වින්ඩියි කොන්සර්ට් එකක් කරන්න අදහසක් තියෙනවා ද?

දැනට ඒ වගේ අදහසක් නැහැ. අපි දෙසැම්බර් මාසයේ රූ සඳ රෑ කොන්සර්ට් එක කරන්න සැලසුම් කරනවා. ඒකේ සනුකත් ඉන්නවා. ඒක අපේ ෆැමිලි ප්‍රසංගයක්.

● රූ සඳ රෑ ප්‍රසංගයට වින්ඩිගේ දායකත්වය මොන වගේද?

තාත්ති ගැන කතා කරන්න දෙයක් නැහැ. එයා මට කොහොමටත් සහයෝගය දක්වනවා. අම්මිත් එහෙමයි. ‘රූ සඳ රෑ’ වගේ කොන්සර්ට් එකක සින්දු කියන්න ලැබීමත් වාසනාවක්. ඒක වසර ගණනාවක් තිස්සේ පවත්වන ප්‍රසංගයක්. මම හිතන්නේ නැහැ එච්චර ජනප්‍රිය කොන්සර්ට් සීරියස් එකක් ලංකාවේ තියෙනවා කියලා.

වින්ඩිගෙන් දමිළ ගීතයක් - ‘අයියෝ සාමි’ට ප්‍රතිචාර ඉහළයි

● දැන් අධ්‍යාපන කටයුතු අවසන් ද?

මම සංගීතය පිළිබඳ උපාධියත් අඩක් නිම කරලයි ලංකාවට ආවේ. මම ඇසෝසියේට් උපාධිය තමයි ලබාගත්තේ. මට සහයෝගය දක්වන ලොකු පවුලක් ඉන්නවා. ඉතිං මට සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න ලේසියි.

● වින්ඩි කියන්නේ මොන වගේ චරිතයක් ද?

ටිකක් ලැජ්ජාශීලී චරිතයක්. වැඩිය කතා කරන්න දක්‍ෂ නැති චරිතයක්.

● අක්කා රයිනි ගීතය ගැන මොනවද කිව්වේ?

එයාටත් ඒක සර්ප්‍රයිස් එකක්. අක්කා හිතුවේ නැහැ මම කවදාකවත් දමිළෙන් ගීතයක් ගායනා කරාවි කියලා. එයාගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබුණා.

● අයියෝ සාමි ගීතය ගැන මොනවද කියන්නේ?

‘අයියෝ සාමි’ එකට හැමෝගෙන්ම සහයෝගය තමයි ඉල්ලන්නේ. මම හදාගන්න ඕනෑ අඩුපාඩු මොනවද කියලත් කියලා එවන්න. ඒක තමයි මට ඕනෑ. තවත් දමිළ ගීතයක් කරන්න ඕනෑ කියලත් හිතෙනවා. මොකද මේ ගීතයට ලැබුණේ ගොඩක් හොඳ ප්‍රතිචාරනේ.

● සනුකගේ තනු නිර්මාණය සහ සංගීතය ගැන මොකද හිතෙන්නේ?

එයා හරිම ටැලන්ටඩ්. ‘අයියෝ සාමි’ සිංහල වර්ෂන් එකේ සින්දුව ලිව්වේ සනුක. ළඟදීම එළිදක්වන්න හදන මනාලී සින්දුවත් ලිව්වේ එයාමයි. ඒකටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. එයා වැඩිය පෙන්වන්නේ නැති ටැලන්ට් තියෙනවා. එයා සංගීතය පැත්තෙන් විතරක් නෙමෙයි පද රචනයෙනුත් දක්‍ෂයි. මම කියන්න ඕනෑ නැහැ එයා ගැන. මිනිස්සු එයාට හරිම ආදරෙයි.

● සනුකට ලැබෙන රසික ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ?

ඒ ගැනත් හරි සතුටුයි. මට එයාව දැක්කහම අපේ තාත්තිවත් මතක් වෙනවා. ඉතිං ඒ වගේ තමයි එයා.

● වින්ඩි වැඩි සද්ද බද්ද නැති චරිතයක්?

ඒක මගේ හැටි. මම පුංචි කාලේ ඉඳලා ගායනයට බයයි. මම දන්නේ නැහැ ඇයි ද ඒ කියන්න. අපේ පවුලේ මම විතරයි මෙහෙම ඉන්නේ.

● මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

අපොයි මම තවම වැඩ පටන් ගත්තා විතරයි. මට තව ගොඩක් දුර යන්න තියෙනවා කියලා හිතෙනවා.

● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment