අනූපස් වැනි විය සැපිරූ කලා ලොවේ සුදු මිත්තණිය

275

මීට අවුරුදු 95 කට පෙර එනම් හරියටම 1927 ජුනි 09 වැනිදා රුවන්වැල්ල මුදුගමුව නම් සුන්දර ග්‍රාමයේ පිහිටි ඓතිහාසික මීදෙණිය වලව්වේ එක්තරා සුවිශේෂී සිදුවීමක් සිදුවිය. එනම් මේ වලව්වේ හිමිකාර යුවළට දාව පින්වත් දියණියක් මෙලොව එළිය දැකීමයි. ඒ වාසනාවන්ත කමාරිය අයිරාංගනී රොක්සානායි. අද අපේ කතානායිකාව වන ඇය මේ වන විට ජීවන ගමන් මගේ 95 වන සැතපුම් කණුව පසුකරමින් සිටී.

ශාන්ත බිජට් කන්‍යාරාමයෙන්, බිෂොප් විද්‍යාලයෙන් සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලබා වයස අවුරුදු විස්ස සපුරන විට කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව එහි ඉංග්‍රීසි නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක් බවට පත්වූ අයිරාංගනී රොක්සානා විශ්වවිද්‍යාල අවධියේදී පටන්ම කලාවට සම්බන්ධ වූයේ ඇන්ටිගනී වේදිකා නාට්‍යයේ ඇන්ටිගනීගේ චරිතයට පණ පොවමිනි. අපට පුතේ මඟක් නැතේ” වේදිකා නාට්‍යයෙන් සිංහල වේදිකාවට ද ඇය ගොඩ වූවාය.

එංගලන්තයේ බ්‍රිස්ටල් ඕල්ඩ්වික් තියෙටර් හා රෝයල් ඇකඩමි ඔෆ් ඩ්‍රැමටික් ආර්ට් වැනි ආයතනවලින් රංගනය පිළිබඳ හැදැරූ ඇය ලංකාවට පැමිණි පසුව කොළඔ මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක් ලෙස වෘත්තිය ආරම්භ ආචාර්ය කළාය. අයිරාංගනී රොක්සානා වින්ස්ටන් සේරසිංහ සමග විවාහ වූ අතර ඉන් පසු අයිරාංගනී සේරසිංහ නම් වූවාය. ඔවුන්ට රවී සහ රංජිත් වූ පුතුණුවන් දෙදෙනකු විය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ ඇය එහි රංගනය වෙනුවෙන් 1956 දීපශිඛා සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ ඇය සන්දේශය, දෙලොවක් අතර, රන්සළු, බක්මහ දීගේ, සාගරයක් මැද, දඩයම, දෙවැනි ගමන, පවන රළු විය, ලොකු දුව, කිණිහිරියා මල්, සුදු සෙවණැලි, ආදර කතාවක්, ආදී චිත්‍රපට රැසකට සිය රංග ප්‍රතිභාව මුසු කළා මෙන්ම හොඳම සහාය නිළිය සම්මාන රැසක් දිනා ගැනීමට ද සමත් වූවාය. ඒ අතර (1981) සාගරයක් මැද (1981) ලොකුදුව (1996) සුදු සෙවණැලි (2003) ආදිය සඳහා වූ සරසවිය සම්මාන කැපී පෙනේ. ඔබදුටු දා (1967), පවන රළු විය (1991) අවරගිර (1996) සඳහා ඇය සම්මානනීය වූයේ හොඳම නිළිය සඳහා වූ සරසවිය සම්මානයෙනි.

සරසවිය සම්මාන උලෙළේ දී ඇය ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන යාවජීව සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

පුංචි තිරයේ සුදු ආච්චි නම් අන්වර්ථ නාමයෙන් හැඳින් වූ ඇය දූ දරුවෝ, යශෝරාවය, ගම්පෙරළිය, නෑදැයෝ, සත්පුර වැසියෝ වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය දුන්නාය. අප ඇයට සුබම සුබ උපන් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment