ඉන්දීය අගමැති ඇමෙරිකාවේ සංචාරයට සූදානම්

234

ඉන්දියාව සමග ඇමෙරිකාව කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශක වේදාන්ත් පටෙල් මහතා පවසයි.ඔහු මේ බව සඳහන් කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජුනි මස 22දා ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගේ මෙම සංචාරය සදහා දූත පිරිස ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් ඇන්ටනි බ්ලින්ක් සම්බන්ධව සිටී. මෙම සංචාරයේදී නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සහතික කිරීම සදහා ඉන්දියාවේ භූමිකාව පිළිබඳ අවධානය යොමු කරන බව ද පටෙල් පවසයි. දෙරටේ වෙළෙද හා ආරක්ෂක හවුල් කාරීත්වය සම්බන්ධයෙන් ද ගැඹුරින් අධ්‍යයනය කිරීමට මෙම සංචාරයේදී පියවර ගන්නා බව ද ඔහු සඳහන් කරයි. ගෝලීය සෞඛ්‍ය සහ දේශගුණික අර්බුදයට විසඳුම් සෙවීමට මෙය අවස්ථාවක් බවද පැවසූ පටෙල් ඒ සදහා ඉන්දීය රජයට සත්කාර සැපයීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment