ලෙඩ රෝග ඇතිවීම පාලනය කර ගැනීම

396

මෙලොව උපදින සෑම මනුෂ්‍යයකුටම ජීවත්වීම සඳහා ආහාරපාන, නිසි වාතාශ්‍රයක් සහිත පරිසරයක්, යහපත් මානසික තත්ත්වයක් අවශ්‍යය. එවන් පරිසරයක ජීවත්වන විට ලෙඩ රෝගවලට ගොදුරු වීම අවම කර ගැනීමට හැකි වේ.

වර්තමානයේ අප බොහෝ දෙනා නිතර ලෙඩ රෝගවලට ගොදුරුවීමට ප්‍රධාන වශයෙන් ම බලපා ඇත්තේ නිසි පෝෂණයක් සහිත ආහාරපාන

නොගැනීම සහ ආහාරපාන ගැනීම නිසි කළමනාකරණයකට සිදු නොකිරීමය. එනිසා ගනු ලබන ආහාරපානවලින් නිසි ශක්තියක් ශරීරයට නොලැබේ.

මෙලෙස නිසි ශක්තිය නොලැබීම නිසා අපට නොදැනුවත්වම අපගේ ශරීරය දුර්වල වී විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වේ.

විශේෂයෙන් ම වර්තමානයේ බොහෝ දෙනා පීඩා විඳින රෝගයක් බවට පත්ව ඇත්තේ ආහාර නිසි ලෙස ජීර්ණය නොවීම හෙවත් ගැස්ට්‍රයිටීස් රෝග තත්ත්වයය.

ගැස්ට්‍රයිටීස් රෝගය නිසා රුධිරයේ සීනි මට්ටම වෙනස් වී දියවැඩියාව ඇතිවීම, අධි රුධිර පීඩනය ඇතිවීම ඇතුළු රෝග රැසකට මුලපුරයි.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා දිනපතා තම ප්‍රධාන ආහාර වේල් තුන මඟහැරීමකින් තොරව ගත යුතුය. ආහාර ගැනීමේදී හැකිතාක් ධාන්‍ය වර්ග එක්කර ගත යුතුය. බත් සමඟ කඩල, කවුපි, මුංඇට ආදිය ආහාරයට එක්කර ගැනීම ගුණදායකය.

එළවළු, පලාවර්ග ආහාරයට එක්කර ගැනීමේදී ඒවා පිසගත යුත්තේ ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙනය. විවිධ කෘත්‍රිම රසකාරක එක්කර ගැනීම නොකළ යුතුය.

කොහිල, කෙසෙල්මුව, කෙසෙල් බඩ ආදිය ආහාරයට එක්කර ගැනීමෙන් එහි ඇති කෙඳි සහිත බව නිසා ආහාර ජීර්ණය හොඳින් සිදුවේ. එනිසා මළ පිටවීමේ ගැටලු ද මතු නොවේ.

දිනපතා ජලය ලීටර් 03 ක් වත් පානය කළ යුතුය. එවිට හොඳින් මුත්‍රා පිටවීම, සිරුරේ රුධිර ගමනාගමනය හොඳින් සිදුවීම ආදිය පවත්වා ගත හැකිය. දිනකට එක් වරක් හෝ වෙනිවැල්ගැට, කොත්තමල්ලි තම්බා පානය කිරීම මගින් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය වේ. එවිට නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව ආදිය වළක්වා ගත හැකිය.

කෘත්‍රිමව සකස් කළ ආහාර වර්ග, රසකාරක සහිත පානවර්ග ගැනීම සම්පූර්ණයෙන් ම සීමා කිරීම මගින් ලෙඩ රෝග රැසක් වළක්වා ගත හැකිය. විශේෂයෙන් ම කුඩා දරුවන් මෙවැනි ආහාරපාන ගැනීමෙන් වළක්වා ගැනීමට දෙමාපියන් වැඩි අවධානයක් යොමුකළ යුතුය.

ලෙඩ රෝග ඇතිවීම පාලනය කර ගැනීම

සෘෂි නාඩි විද්‍යාව පිළිබඳ මහාචාර්ය, සෙම් රෝග සහ ආතරයිටීස්, පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය ජිනසිරි ලියන්වෙල
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment