පෙබරවාරි මුල් සතියට විදෙස් සංචාරකයෝ 26506 ක් එති

163

මේ වසරේ 2023 පෙබරවාරි මස පළමු සතියේදී මෙරටට විදෙස් සංචාරකයන් 26506 දෙනකු පැමිණ ඇත.

මේ අතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. ඒ අනුව රුසියාවෙන් පැමිණි සංචාරකයන් ගණන 6619 කි. මේ රුසියානු සංචාරක පැමිණීම් මුළු සංචාරක පැමිණීම්වලින් සියයට 25 ක්ද වේ.

එසේම පෙබරවාරි පළමු සතියේදී දෙවැනියට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම ගණන 3462 කි.

මේ වසරේ (2023) මුල සිට පෙබරවාරි 07 වැනිදා දක්වා පැමිණ ඇති මුළු සංචාරකයන් ගණන 129051 කි. එසේම 2023 ජනවාරි මාසයේදී පැමිණ ඇති විදෙස් සංචාරකයන් ගණන 120545 කි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment