නන්නත්තාර වෙලා ඉන්න වෙලාවේ 95,000ට විදලා

577

සුවාරිස් වරායේ වැඩකර විශ‍්‍රාම ගත්තේ නොබෝදාය. ඔහුගේ දියණිය විසිපස් හැවිරිදිය. ඉගෙන ගත්තේ කොළඹ හතේ සුපිරි බාලිකාවකය. ඇගේ මිතුරියන් බහුතරයක් ඉන්නේ පිටරටය. වරින් වර ඒ අය මැයට කතා කර සැප දුක විමසන්නේ මිතුරුකම් මුවහත් කර ගනිමිනි.

‘‘අංකල් මම ටීනා. කෝ තුල්සි ඉන්නවද? නිවසේ දුරකථනයට කතා කළේ දියණිගේ මිතුරියකි. ඇය වැඩට ගොස් ඇතැයි කී පියා ඇය සමග කතා කළේ දුක සැප ද විමසමිනි.

”අංකල් මම ඇමරිකාවේ ඉන්නේ. හස්බන්ඞ් මෙහෙ බෑන්ක් එකක වැඩ. මාත් ඒ බෑන්ක් එකේ. තුල්සිට තෑගි පාර්සලයක් එව්වා. අද හෙට ලැබෙයි. එයා සර්ප‍්‍රයිස් කරන්න ඕන නිසා එයාට කියන්න එපා. ‘‘බායි’’ කියා ඇමතුම අවසන් විය.

දින තුනකට පසු තවත් ඇමතුමක් සුවාරිස්ට ලැබිණි.

”ඇමරිකාවෙන් තෑගි පාර්සලයක් ලැබිලා. ඒක ඩිලිවරි කරන්න පුළුවන්. හැබැයි රුපියල් 95,000 ක් ගෙවන්න වෙනවා. පියා හනික ගොස් ලබාදුන් ගිණුමකට ඒ මුදල බැර කළේය. දින ගෙවිණි. දින සති බවට පෙරළිණි. ලැබුණු තෑගි පාර්සලයක් නැත.

”අනේ තාත්තේ, තාත්තා හොරෙකුට අහුවෙලා.’’ විස්තරේ අසා දුව ඒ ටික පවසන විට සියල්ල නිමවී තිබුණේ නන්නත්තාරවෙලා ඉන්න සුවාරිස්ගේ බඩ පපුව පිච්චී යද්දීය.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment