පොල් තෙල් වලට පාම් තෙල් මිශ‍්‍ර කර වෙළෙඳපොළට නිකුත් කිරීමට ව්‍යාපාරිකයන් පිරිසකගේ සැලසුමක්!

379

උත්සව සමය වෙනුවෙන් පාම් තෙල් මිශ‍්‍ර පොල් තෙල් වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා වන උත්සාහය අඩපණ කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලයි.

කූට ව්‍යාපාරිකයන් පිරිසක් විසින් පාම් තෙල් සඳහා වන ආනයනික බද්ද අඩුකර ජනතාව පාරිභෝජනය කරන පොල් තෙල් සඳහා ෆාම් තෙල් මිශ‍්‍ර කර අලෙවි කිරීමේ සූදානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කරනු ලබනවා. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරනු ලබන්නේ එළඹෙන උත්සව සමයේදී ඇතිවන පොල් තෙල් ඉල්ලූම සඳහා මෙම ව්‍යාපාරිකයන් විසින් පාම් තෙල් මිශ‍්‍ර පොල් තෙල් වෙළෙඳපොළට නිකුත් කිරීමේ සූදානමක් පවතින බවයි. රන්ජිත් විතානගේ මහතා මේ බව සඳහන් කරනු ලැබුවේ 2022 ජනවාරි මස 28 වැනිදා (සිකුරාදා) කොළඹ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාර කාර්යාල පරිශ‍්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. සාමාන්‍යයෙන් වසරේ පළමු මාස කිහිපය පොල් අවාරය නිසා පොල්වල හිඟයක් වෙළෙදපොළ තුළ ඇතිවනවා. මෙන්න මේ තත්ත්වය දඩමීමා කරගෙන ජනතාවට වස කවන්න තමයි මේ කූට ෆාම් තෙල් ආනයන කරුවන් ලෑස්ති වෙන්නෙ. නමුත් ජනතාවට සාමාන්‍ය මිලකට පොල් තෙල් ලබාදීමට අවශ්‍ය නම් රජය කළ යුත්තේ ගුණත්වයෙන් යුත් පොල් තෙල් සඳහා අය කරන බදු මුදල තවත් අඩුකිරීමයි. ෆාම් තෙල් පාරිභෝජනය නිසා පිළිකා, හදවත් රෝග ඇතුළු සෞඛ්‍ය අවදානම් රැසකට ජනතාවට මුහුණ දීමට සිදුවන බව පෙන්වා දෙන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේ වැවිලි කර්මාන්ත රමේෂ් පතිරණ මහතා මෙම ගැටලූව පිළිබඳ අවධානය යොමු කර මෙම කූට ව්‍යාපාරිකයන්ගේ උත්සාහය ව්‍යර්ථ කිරීමට ඉක්මන් පියවරක් ගත යුතු බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment