ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරඟය අනිද්දා

99

ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව කොළඹදී ලබන 02දා ආරම්භ වන ටෙස්ට් තරගයට සහභාගි වන 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවකයන් ලෙස චාමික ගුණසේකර සහ මිලාන් රත්නායක ඇතුළත් කර ඇත.

දකුණතින් වේග පන්දු යවන 24 හැවිරිදි චාමික ගුණසේකර පළමු පෙළ තරග 16 කට ක්‍රීඩා කර ඇති අතර 27 හැවිරිදි මිලාන් රත්නායක ද දකුණතින් වේග පන්දු යවන්නකු වේ.

ඔහු පළමු පෙළ තරග 33 කට ක්‍රීඩා කර තිබේ. ගුවන් හමුදා කණ්ඩායම නියෝජනය කරන මිලාන් වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලේ ආදි ශිෂ්‍යයෙකි මෙම තරගය ධනංජය ද සිල්වා නායකයා ලෙස කටයුතු කරන පළමු ටෙස්ට් තරගය ද වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය පහත පරිදිය-

ධනංජය ද සිල්වා (නායක) කුසල් මෙන්ඩිස් (උප නායක) දිමුත් කරුණාරත්න, නිෂාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ළහිරු උදාර, චාමික ගුණසේකර සහ මිලාන් රත්නායක.

advertistmentadvertistment
advertistmentadvertistment