පිටකෝට්ටේ ඇතැම් කෑම කඩවල සේවකයන්ට මාස්ක් නෑ

99

පිටකෝට්ටේ ඇතැම් ආපනශාලාවල සේවකයින් මුව ආවරණ නොපැළඳ සේවයේ යෙදෙන බවට ජනතාව චෝදනා කරති.

මෙය හෝටල් තුළ ආහාර ගැනීමට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් බවත්, මේ තුළින් කොවිඞ් 19 පැතිරීමේ අවදානමක් ද මතුව ඇති බවත් එම ජනතාව කියා සිටිති. එබැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මුව ආවරණ නොපැළඳ ඇතැම් හෝටල් තුළ සේවයේ යෙදෙන මෙම හෝටල් සේවකයින් ගැන වහා සොයා බලා නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි එම ජනතාව අදාළ අංශවලින් ඉල්ලා සිටිති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment