විද්‍යාර්ථ සහ ශාන්ත සිල්වෙස්තර එක් දින තරගය හෙට

39

මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල අතර ක්‍රියාත්මක කෙරෙන 35 වැනි සීමිත පන්දු වාර එක් දින ක්‍රිකට් තරගය හෙට (07) මහනුවර අස්ගිරිය ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙහි ජයග්‍රාහී කණ්ඩායමට “මැදිවක අභියෝග කුසලාන” පිරිනැමේ. මෙතෙක් පැවති තරග ආශ්‍රිතව වැඩි ගෞරව හිමිකර ගැනීමට ශාන්ත සිල්වෙස්තර විදුහලට හැකියාව ලැබී තිබේ. පසුගිය වසරේ ජයග්‍රහණය ද මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල සතු විය.

ඉකුත් සතියේ පල්ලේකැලේ දී පැවති ‘සුරතලුන්ගේ සංග්‍රාමය’ ක්‍රිකට් මහ තරගයේ ජයග්‍රහණය ද ශාන්ත සිල්වෙස්තර විදුහල ලබා ගැනීමට සමත් විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment