වයස පන්නා ටෙනිස් පිටිය ජය ගන්නා බෝපන්නා

51

පසුගිය සති අන්තයේ නිමාවට පත් වූ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි යුගල අවසන් තරගය දිනා ගැනීමට දායක වූ ඉන්දීය ජාතික රොහාන් බෝපන්නා ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතාවක් දිනා ගත් ලොව වයස්ගතම ටෙනිස් ක්‍රීඩකයා බවට පත් වී තිබේ.

වයස අවුරුදු 43ක් වන බෝපන්නා හා ඔහුගේ සහාය ක්‍රීඩක ඔස්ට්‍රේලියාවේ මැතිව් එබ්ඩෙන් විසින් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි යුගල අවසන් මහා තරගයේදී ඉතාලි ජාතික සිමොන් බෝලේලි හා ඇන්ඩ්රේ වැවස්සන් 7-6 ,හා 7-5 වශයෙන් පරාජයට පත් කරමින් ශූරතාව දිනාගෙන තිබේ.

මෙම ජයග්‍රහණය සිය ක්‍රීඩා ජීවිතයේ සිදු වූ හොඳම සිදු වීම බව ශූරතාව දිනාගැනීමෙන් අනතුරුව බෝපන්නා පවසා තිබේ. බෝපන්නා මෙම ජයග්‍රහණයට පෙර 2017 වසරේ පැවති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ මිශ්‍ර යුගල ශූරතාව දිනාගෙන තිබිණි. වයස ගැටලුවක් නොවන බවත් තමා සිය ක්‍රීඩා ජීවිතයේ හොඳටම ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙනුයේ දැන් බවත් බෝපන්නා කියා තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment