ඉන්දියාව සෞඛ්‍ය සේවකයින්ට බූස්ටර් එන්නත් දෙන්නේ ලබන වසරේදී

87

කොවිඩ් වෛරස රෝගය ආසාදනය වීමෙන් ආරක්ෂා වීමට ඉන්දීය රජය සිය සෞඛ්‍ය සේවකයින්ට සහ ඉදිරි පෙළ සේවකයන් සඳහා බූස්ටර් එන්නත ලබා දීම 2022 වසරේ ජනවාරි මස 10 වැනිදා සිට ආරම්භ කරන බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.ඔමික්‍රොන් ප්‍රභේදය ඉන්දියාව පුරා වේගයෙන් පැතිර යාමට පටන් ගෙන ඇති නිසා මෙම පියවර ගනු ලබන බව අගමැතිවරයා සදහන් කරයි. එසේම වයස අවුරුදු 15 ක් 18 ත් අතර වියේ පසු වන අයට ද කොවිඩ් එන්නත් ලබා දීම ද ජනවාරි මස 03 වැනිදා සිට ආරම්භ කරන බවද පවසයි.වයස අවුරුදු 60ට වැඩි අයට බූස්ටර් එන්නත ලබා දීම වෛද්‍ය අනුමැතිය ලද පසු ආරම්භ කරන බවද ඉන්දීය අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment