ශ්‍රීලනිපය ගන්ධබ්බයි – බලය තාම මෛත්‍රි අතේ

445

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තිබෙන්නේ ගන්ධබ්බ අවස්ථාවක බව නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට සඳහන් කළේය.

එහෙත් නිදහස් පක්ෂයේ බලය තවමත් තිබෙන්නේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සතුව බවද ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා කීය.

ඊට හේතුව වන්නේ පක්ෂ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව හා විධායක සභාවේ බහුතර බලය ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා සතුවීම බවද උප සභාපතිවරයා සඳහන් කළේය.

පක්ෂයේ සියලු කටයුතු මේ වනවිට සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා යටතේ බවත් එම නිසා නිදහස් පක්ෂයේ බලය වෙනකෙකු අතට පත්වී නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment