මං ගියේ නෑ: එයාලා ආවා – සී.අයි.ඩීයට පැය දෙකක් ප්‍රකාශ දුන්නා

239

ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 2ක කාලයක් ප්‍රකාශ ලබාදුන් බව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) කියා සිටියේය.

හිටපු ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඊයේ ‘දිවයින’ ප්‍රධාන සිරස්තලය යටතේ පළවී තිබූ ඉමියුනොග්ලොබියුලින් වංචාව කෙහෙළිය ගෙන් පැය 07ක් ප්‍රශ්න කරයි යනුවෙන් පළවී තිබූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරමින්ය.

එමෙන්ම මෙම ප්‍රකාශය ලබා ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තම නිවසට පැමිණි බව ද රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

‘දිවයින’ පුවත්පතේ පලවී තිබුණේ මෙම ප්‍රකාශය ලබා දීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පසුගිය 25 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස තමන්ට දැනුම්දීමක් ලැබී නොතිබුණු බව ද පවසන හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම විමර්ශනයට අදාළව සියලු සාක්‍ෂි සහ තොරතුරු විමර්ශන නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment