ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් මිනීමැරුම් 74ක්

138

අපරාධවල වින්දිතයන්ට සහාය වෙන්න 1985 හඳුන්වා දුන්නා – නීතිඥ සුහද ගම්ලත්

ගෙවී ගිය 2022 වර්ෂයේ දී ගෘස්ත ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙරට මිනීමැරුම් 74 ක් සිදුවී ඇති බවත් මෙවැනි සමස්ථ අපරාධ හේතුවෙන් පීඩාවට පත්වන වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට අවශ්‍ය සහාය ලබාදීම සඳහා 1985 හදිසි දුරකථන අංකය හඳුන්වා දුන් බවත් අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ සභාපති ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහතා පවසයි.

එම අධිකාරියේ ඉදිරි සැලසුම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (02 දා) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මෙසේද කීවේය.

ශ්‍රී ලංකාවේ අපරාධ සිදුවන ආකාරය පිළිබඳව ඉදිරියේ දී සමස්ථ දිවයින ම ආවරණය වන පරිදි ජාතික වැඩපිළිවෙළක් සකස් කර එම අපරාධ අවම කිරීමේ අරමුණින් අපරාධ වින්දිතයන් පිළිබඳ වාර්ෂික වාර්තාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා.

මේ වනවිට මේ අපරාධ සිදුවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබෙනවා. අපරාධ සමග, ඍජුව හා වක්‍රව සම්බන්ධවන වින්දිතයන් හා සාක්ෂිකරුවන් මෙරට අසාමාන්‍ය ලෙස පීඩා විඳිනවා. එවැනි අවස්ථාවක අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම අධිකාරිය පිහිටුවා තිබෙනවා.

ඒ අනුව සෑම වසරක ම මාර්තු මස 07 වැනිදා අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් තම සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ දිනය වශයෙන් නම් කරන අතර ලබන මාර්තු මස 07 දා බත්තරමුල්ල, පැළවත්ත විද්‍යාවර්ධන මහා විද්‍යාලයේ දී අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වේ.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment