කඩොලාන රකින්න කළ කැපවීමට ලංකාවට එක්සත් ජාතීන්ගේ සම්මානය

58

කඩොලාන පරිසර පද්ධති යළි ගොඩනැඟීම සඳහා කළ කැපවීම් උදෙසා එක්සත් ජාතීන්ගේ ‘වර්ල්ඩ් රෙස්ටොරේෂන් ෆ්ලෑග්ෂිප්’ සම්මානය මෙවර ශ්‍රී ලංකාවට පිරිනැමීමට තීරණය වී තිබේ.

මෙම මස 27 වැනිදා කෙන්නියාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී මෙම සම්මානය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරෙනු ඇත.

2021-2030 පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ දශකය ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ප්‍රකාශයට පත්කර තිබේ.

2004 සුනාමි ඛේදවාචකයත් සමග එමගින් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයට එල්ල කෙරුණු විනාශකාරී බලපෑම්, වෙරළාරක්‍ෂකයකු ලෙස ක්‍රියාකිරීමෙන් කඩොලාන පරිසර පද්ධතීන් වල වැදගත්කම වඩාත් ඉස්මතු වීමට හේතුවක් විය. අවාසනාවකට මෙන් කඩොලාන පද්ධතීන් අඛණ්ඩව විනාශ කිරීම සහ විධිමත් යාන්ත්‍රණයක් නොමැතිවීම මෙම අගනා පරිසර පද්ධතීන් සංරක්‍ෂණය සහ ප්‍රතිෂ්ඨාපනය ඵලදායී ආකාරයෙන් සිදුකිරීමට බාධාවක්ව තිබියදීත් ඒ වෙනුවෙන් කළ කැපවීමද මෙහිදී අගය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment