ඩොලරයට සාපේක්‍ෂව රුපියල 19.8 % කින් ශක්තිමත් වෙයි

92

මේ වසරේ (2023) මුල සිට ඉකුත් මැයි 26 වැනිදා දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 19.8 කින් ශක්තිමත් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව දැක්වේ.

මහ බැංකුව පවසන පරිදි මෙම වකවානුවේ අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇත.

ඒ අනුව පසුගිය 26 දක්වා කාලය තුළ ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 26.4 කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 17.0 කින්, යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 18.9 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 19.7 කින් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබේ. 2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී තිබුණි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment