යුගදනවි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න – රනිල් වික‍්‍රමසිංහ

102

කෙරවළපිටිය යුගදනවි බලාගාරය පැවරීමට අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

එහිදී සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියාසිටියේ ඒ සම්බන්ධව විශේෂයෙන් ඇමැතිවරයා පර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයක් කර ඇති බවයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා- රටේ විශාල ප‍්‍රශ්නයක් වෙලා තිබෙන යුගදනවි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ ගිවිසුම පරීක්‍ෂා කරලා අපට යම් ස්ථාවරයක් ගන්න පුළුවන්.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා- ඒ පිළිබඳ ඇමැතිතුමා පසුගිය සතියේ උත්තරයක් ලබාදුන්නා. අපි ඒ අනුව කටයුතු කරමු.

විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා- ඇමැතිතුමා උත්තරයක් දුන්නා. ඒක අසම්පූර්ණයි. දැන් කැබිනට් මණ්ඩලයේ සමහරු ප‍්‍රසිද්ධියේ කිව්වා කැබිනට් එකට ඉදිරිපත් කළේ නෑ කියල. හොර රහසේ ඉදිරිපත් කළා කියල එක් ඇමැතිවරයෙක් කිව්වා.

දිනේෂ් ගුණවර්ධන මහතා- යම්කිසි ගිවිසුමක් ගැන එදා ඇමැතිතුමා කිව්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. ප‍්‍රචාරය සඳහා ප‍්‍රකාශ නිකුත්කරන්න එපා. යලි යළි එකම දේ ගැනයි මේ අහන්නේ.

හේෂා විතානගේ මහතා- මේක සරල ගිවිසුමක් නොවේ.

චමින්ද විජේසිරි මහතා- අද රට විශාල ලෙස අසරණ වෙලා මේ තත්ත්වය මත.

අශෝක් අබේසිංහ මහතා- ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂයක් වන කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයා කිව්වා මේ පනත ඉල්ලූවාම දෙන්න බෑ කිව්වලූ.

දිනේෂ් ගුණවර්ධන මහතා- 27/2 යටතේ අසන ලද ප‍්‍රශ්නයකට විෂය භාර ඇමැතිවරයා දීර්ඝ පිළිතුරක් මේ සභාවට ලබාදුන්නා. අපි පිළිතුරු දෙන්නේ පුද්ගලයන්ට නොවෙයි. ඒ නිසා වෙන වෙන කාරණා ගැන කතා කරනවා නම් ඒ ගැන ඇමැතිතුමා සමග කතා කර ගන්න.

රනිල් වික‍්‍රමසිංහ මහතා- අපේ පක්‍ෂ කිහිපයකට මේ ගැන තීරණයක් ගන්න අවශ්‍යයි. අපේ ප‍්‍රකාශය කරන්න ඒ ගිවිසුම ලබාදෙන්න.

දිනේෂ් ගුණවර්ධන මහතා- එය උපදේශක කාරක සභාවේදී ලබාගත හැකියි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment