කිතු දහම යනු….

268

අපි කිතුනුවන්, කතෝලිකයන් සහ වෙනත් විවිධ කිතුනු සභාවන්වල අය ලෙස දේවස්ථාන, ගොඩනැඟිලි, කුඩා කුඩා ශාලාවන් දැක තිබෙනවා. අපේ මේ පුංචි රටේ දී වගේම පිටරවලදීත් ඒවා දැකල, ගොඩවැදිල, යාච්ඤා කරලා දිව්‍ය පූජාවන්වලටත් සහභාගි වෙලා තියෙනවා. ආත්මීක ප්‍රබෝධය වගේම විවිධ අත්දැකීම් පවා ලබා තිබෙනවා.

ශු. බයිලයට අනුව එදා ජෙරුසලමේ දෙව් මැඳුර ගොඩනැඟීමට වසර 46ක පමණ කාලයක් ගතවී ඇති බවයි සඳහන් වනනේ. ඒ ජෙරුසම් දෙව් මැඳුර ඔලිව් කන්දේ සිට බලද්දී දිස්වුණු බව කියන්නේ රත්තරනින් සහ කිරි ගරුඬෙන් කළ මහා ප්‍රාතිහාර්යයක් විදිහට ජේසුස් වහන්සේගේ නිරන්තර පරීක්‍ෂාවට නිරීක්‍ෂණයට මේ දේව මාලිගාව පාත්‍ර වුණා. මෙය ආශ්චාර්යාත්මක මැඳුරක් බවයි කාගේත් විශ්වාසයෙන් වැඳුම් පිඳුම්වලට ලක්වුණේ. අප ජේසුස් වහන්සේ දිනක මේ දෙව්මැඳුර තුළ ඉන්දි අපූරු දෙයක් අනාවරණය වුණා. (ශු මාර්ක් 13:1.2) උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේගෙන් අහනවා ‘ගුරු දේවයිනි, බලන්න මොනතරම් විශාල ගල්ද, මොනතරම් විශාල ගොඩනැඟිල්ලක්දැයි’ කියලා.

එවිට ජේසුතුමා ඇසූ ගෝලයන්ට අපූරු උත්තරයක් දෙනවා.

‘මේ විශාල ගොඩනැඟිලි ඔබට පෙනෙනවා නොවේද? ගලක් මත ගලක් ඉතිරි නොවන සේ ඒවා බිඳ හෙළනු ලැබේ’ කියලා.

ජේසු එදා ඒ කියපු දේ ක්‍රි.ව. 70 දී සත්‍ය වුණා. ටයිටස් අධිරාජයා රෝම සොල්දාදුවන් ලවා ඒ දේව මාලිගාව මුළුමනින්ම විනාශ කළා. මෙන්න මේ කඩා බිඳ දැමීමේ අනාවැකියට ඉහළින් ගිය ඉතා වටිනා දෙයක් ජේසු ප්‍රකාශ කළා. උන්වහන්සේ කියනවා තමා මේ ලෝකයට ආවේ ක්‍රිස්තු සභාවක් ගොඩනැඟීමට බව. ඒ ක්‍රිස්තු සභාව ගොඩනැඟෙන්නේ අප්‍රාණික ගල්, වැලි, බංකු, පුටු මැණික් ආදියෙන් නොව ‘ජීවමාන ගල්වලින්ය. එනම් ඔබේත් මගේත් ජීවිතවලින්ය’ කියල.

බලන්න ක්‍රියා පොතේ 14:24 වාක්‍යයෙන් කියන දේ.

‘ලෝකයද, එහි සියල්ලම මවා වදාළ දෙවියන් වහන්සේ
ස්වර්ගියටත්, පොළොවටත් ස්වාමීන්ව සිටි බැවින් උන්වහන්සේ
මිනිස් අතින් සාදන ලද මාලිගාවල නොවසන සේක’කියල.

අද අපේ රටේ පමණක් නොවෙයි වෙනත් රටවලත් ජීවත්වන බොහෝ කිතුනුවන් හිතා ඉන්නව වෙන්න පුළුවන් ඔවුන්ගේ මුදල් දේපළ වස්තුව සභාවට පරිත්‍යාග කිරීමෙන්ම ඔවුන් දෙවියන් වහන්සේට විශාල පරිත්‍යාග කර ඇති බව. ඒත් දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අප්‍රාණික ගඩොල් පුටු මිස විශාල කුරුස මහ දේවස්ථාන වගේ අප්‍රාණික දේවල් නොවේ. දේවස්ථාන සජ්ප්‍රාණික අධ්‍යාත්මික මැඳුරු වීමයි අවශ්‍ය. ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ.‘ජීවමාන ගල්‘ වෙන්න කියලනේ.

ජීවමාන ගල් වගේ අපි උන්වහන්සේ වෙත ඇවිත් දෙවියන් වහන්සේට ප්‍රසන්න අධ්‍යාත්මික පූජා සිදුකරන ශුද්ධ වූ මිනිසුන් පිරිසක් වීමයි. අවශ්‍ය ඒ දේව අභිමතයයි.කැමැත්තය. මෙන්න මේ ශුද්ධ වූ සංකල්පය යථාර්ථයක් වනු අප තුළින්ම දැකීමයි.

අනුරාධපුරේ
ජෝර්ජ් අයිවන් රෙන්සි

කිතු දහම යනු….
advertistmentadvertistment
advertistmentadvertistment